බන්ධනාගාර නොසන්සුන්තා රැල්ලක්: අලුත්ම එක පල්ලන්සේන

prison-pallansena-srilanka-knews

ඊයේ (6) සිට බන්ධනාගාර තුළ නොසන්සුන්තා වාර්තා වෙමින් තිබෙන අතර එහි අලුත්ම නොසන්සුන්තාව අද (7) මීගමුව පල්ලන්සේන එළිමහන් සිරකඳවුර තුළ හටගෙන ඇත.

උදෑසන 11.00ට පමණ එම එළිමහන් සිරකඳවුරේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මතට නැඟ යම් විරෝධතාවක නිරත වීමත් සමඟ මෙම නොසන්සුන්තාව හටගෙන ඇත.

ඊයේ (6) රාත්‍රියේ බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වූ අතර එය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව බන්ධනාගාර භාර අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. එම නොසන්සුන්තාව නිසා එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් රැඳවියන් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මේ අතර අද (7) උදෑසන කුරුවිට බන්ධනාගාරයේ ද මෙවැනිම තත්ත්වයක් ඇතිව තිබූ අතර එය පාලනය කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය වෙඩි තැබූ බවත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් වාර්තා වෙයි. ඒ අනුව කුරුවිට එම සිද්ධියෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර 15 දෙනෙක් තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.

මීට ප්‍රථම මීගමුව බන්ධනාගාරයේ සහ මහර බන්ධනාගාරයේ මෙවැනිම නොසන්සුන්තා සහ ගැටුම් වාර්තා වූ අතර එම තත්ත්වයන් නිසා විශාල ජීවිත හානි ප්‍රමාණයක් ද ඇති විය.

more –https://knews.lk/borella-magazine-prison-unrest/

https://knews.lk/kuruwita-prison-clash-two-inmates-killed/

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...