සහරාන්ගේ ආධ්‍යාත්මික නායකයාගේ පාපොච්චාරණය පිළිගන්න පුළුවන් – කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය

pasku knews

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමේ ආධ්‍යාත්මික නායකයා යැයි සැලකෙන නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කර ඇති පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කර ඇත.

මහාධිකරණ විනිසුරුවන් වන රාමනාදන් කන්නන්, සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව සභාපති විනිසුරු නවරත්න මාරසිංහ පසුගිය 23දා මේ නියෝගය ලබාදී ඇත්තේ, ‘වෝයර් ඩයර්’ සත්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව වන අතර ඒ අනුව මෙම තීරණයත් සමඟ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන් හා සැලසුම් කළ ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් එහි සඳහන් තැනැත්තන්ට එරෙහිව සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී ඇත.

නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා හමුවේ 2019 වසරේ නොවැම්බර් 11දා මෙම කටඋත්තරය ලබාදී ඇති අතර ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන මහ නඩුවට මෙම සාක්ෂි අදාළ කරගනු ඇත.

ඒ අනුව මේ වනවිට මෙම නඩුවේ විත්තිකරුවන් සිව්දෙනකුගේ පාපොච්චාරණ ස්වේච්ඡාවෙන් දී ඇති බව ඉහත සත්‍යතා පරීක්ෂණය හමුවේ අනාවරණය වී ඇතැයි දැනගන්නට ලැබෙන අතර 8 වැනි විත්තිකරුගේ පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් දී නොමැති බවත් තහවුරු කර ඇති අතර පළමුවැනි විත්තිකරු මුහම්මදු ඊබ්‍රහිම් මොහොමඩ් නවුෆර් හෙවත් අබු සෙයිද් හෙවත් අබු සරීම් හෙවත් නවුෆර් මවුලවි, 11 වැනි විත්තිකරු වන කාලිබ් සමීර්, 4 වැනි විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා, 9 වැනි විත්තිකරු වන මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිත් යන අයගේ පාපොච්චාරණයන් අධිකරණය ස්වේච්ඡා පාපොච්චාරණයන් බවට තහවුරු කරගෙන ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...