භෞතචිකිත්සකවරියගේ මරණයට සැක පෙම්වතා අත්අඩංගුවට

shamya darshani knews

අම්පාර මහ රෝහලට අනුයුක්තව සේවය කළ 34 හැවිරිදි භෞතචිකිත්සකවරි‍යගේ මරණයට සැක ප්‍රධාන සැකකරුවා පසුගිය 23දා උදෑසන යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සහ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුව ගෙන ඇත.

පසුගිය ජූනි 17 වැනිදා තෙල්දෙණිය ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ වාහනයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගත් අතර පසුව අනාවරණය වී තිබුණේ ඇයගේ පෙම්වතා විසින් මෙම මළ සිරුර වාහනය තුළ දමා, ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි. ඒ අනුව ඔහු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රථිපලයක් ලෙස ඔහු සහ ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවෙක් යාපනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවත්තේ සිට චාවකච්චේරි දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම සැකකරු සහ පවුලේ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එම මොහොතේදී ද ඔහු තම අනන්‍යතාවය සැඟවීම සඳහා මුහුණු ආවරණයක් පැළඳ සිට ඇත. ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක ලෙස වෙස්වළාගෙන සිට ඇති අතර පොලිස් භාරයට ගත් පසුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, තම අනෙකුත් දරුවන් දෙදෙනා බැලීම සඳහා වවුනියාවේ සිට කුරුණෑගල දක්වා යාමට සැලසුම් කර තිබූ බවත් පසුගිය කාලයේදී මීගමුව සහ හලාවත සැඟවී සිටිමින් නීතිවිරෝධී මුහුදු මාර්ග හරහා රටින් පිටවීමට උත්සාහ කළ බවත් ය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...