අසාද් මවුලානා සහ ගෝඨාභය හමුවෙලා

asath maulana knews

අසාද් මවුලානා සහබ් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී ඇති බවත් ඒ සඳහා ඡායාරූප සාක්ෂි ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ කරුණු අනාවරණය කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම අද(24) දින අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ මෙම කරුණු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර තිබුණු අතර එහිදී එයට ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 2017 වසරේ ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී පැවති සාකච්ඡාවකදී අසාද් මවුලානා මුණගැසුණු බවට තම සේවාදායකයාට මතකයක් නැති බවය. සාමාන්‍යයෙන් දේශපාලකයන් පුද්ගලයන් හමුවෙන බව මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, දේශපාලනඥයන් මුණගැසීමට විවිධ පුද්ගලයන් නිරන්තරයෙන් පැමිණෙන බැවින්, එවන් ඡායාරූපයක් සම්බන්ධයෙන් තම සේවාදායකයාට මතකයක් නොතිබීම පුදුමයට කරුණක් නොවන බවය.

එහෙත් එහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කර ඇත්තේ, අසාද් මවුලානා විසින් චැනල් 4 නාලිකාවට කර ඇති ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි මට්ටමේ එකක් බවය. එවැනි තත්ත්වයකදී අසාද් මවුලානාගේ ප්‍රකාශයක් මත පමණක් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට දැනගන්නට ඇතැයි ඔහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර ඇත.

මෙම රිට් පෙත්සමට අදාළ නඩු විභාගය යළිත් එළඹෙන ජූලි 06 සහ ජූලි 09 යන දෙදින තුළ විභාගයට ගන්නා බවද වාර්තා වෙයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...