පසුගිය දවසක මරණයට කැපවූ අහිංසක ගවයෙකුට යළි ජීවය ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගත්තා. අපි හැවෝම මේක අගය කරනවා. සතෙකුට ජීවත් වෙන්න නිදහස දෙනවා කියන්නේ කොච්චර දෙයක් ද?. මේක සංවේදී අවස්ථාවක්. ඒත් අපි පුද්ගලිකව මෙහෙම දේවල් කළත් අමාත්‍යාංශ මට්ටමින් රාජ්‍ය මට්ටමින් මෙහෙම දේවල් කරන්න පුළුවන් ද? ඒක ජාතියේම පෝෂණයට සහ ජාතියේම අනාගතයට බලපාන්නේ නැතිද?
ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවයෙන් තවමත් දේශීයව නිෂ්පාදනය කරන්නේ 40% කටත් ආසන්න ප්‍රමාණයක් විතරයි. ඉතිරි 60% කට අධික ඉල්ලුම සඳහා අපට තවමත් වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් වැය කරන්න සිදුවෙලා. දේශීය කිරි ගොවියා නඟා සිටුවීමට නම් ඉහළ කිරි අස්වැන්නක් දෙන ගව විශේෂ හඳුන්වා දෙන්න ඕනෑ. නවීන තාක්ෂණය දෙන්න ඕනෑ. මස් කර්මාන්තයත් ඊට සමඟාමියව දියුණු කරන්න ඕනෑ. ඒකයි කතාව.
අපිට තියෙන්නේ කුඩා මස් කර්මාන්තයක්. කොටින්නම කියනවා නම් ඒක කිරි කර්මාන්තයේම අතුරුඵලයක් ය. බයි ප්‍රොඩක්ට් එකක්. ඉතිං අපි දැනටත් කන මස් ප්‍රමානය තවත් අඩු කළොත් කිරි කර්මාන්තය කඩාගෙන වැටෙනවා. මොකද ලාභදායී කිරි කර්මාන්තයක් පවත්වාගෙන යන්න නම් මස් කර්මාන්තය දියුණු වෙන්න ඕනෑ.
අපි හරිම අඩුවෙන් රතු මස් පරිභෝජනය කරන රටක්. අවුරුද්දකටම එක පුද්ගලයෙක් කන්නේ රතුමස් කිලෝ දෙකට අඩුවෙන්. අහෝ! මෙහෙම ගියොත් අපේ ජාතියම ඉවරයි. දුර්වලයෝ රංචුවක් තමයි හැදෙන්නේ. රතු මස් කියන්නේ මානවයාගේ හොඳම ප්‍රෝටීන මූලාශ්‍රය. හොඳම යකඩ මූලාශ්‍රය. හොඳම බී 12 මූලාශ්‍රය. හොඳම සින්ක් මූලාශ්‍රය. ඉතිං මේවා ඇගට හරියට ආවේ නැතිවුණාම මිනිස්සු කුරු වෙනවා. ප්‍රතිශක්තිය අඩුවෙනවා. ඉක්මනින් ලෙඩවලට ගොදුරු වෙනවා. ස්නායු පද්ධතිය දුර්වල වෙනවා. කකුල් අතපය හිරිවැටෙනවා.
ඉතුරු ටිකට වීඩියෝව අහන්න..!





