K News

Trending Now

නව වැඩසටහනක් ගැන සාකච්ඡා නෑ තියෙන වැඩේ හරියට ඉවරකරන එකයි බලාපොරොත්තුව – IMF

imf sri lanka knews

තම සංවිධානයේ මූලික ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ වත්මන් වැඩසටහන එහි අවසන් අදියර දක්වා සාර්ථකව ර්සේැග්ෙන යාම බවත්, නව වැඩසටහනක් සඳහා යම් ඉල්ලීමක් රජය පැත්තෙන් ලැබෙන්නේ නම්, එය සලකා බලනු ලබන්නේ සාර්ව ආර්ථික ස්ථායීතාව සහ ගෙවුම් ශේෂයේ අවශ්‍යතාවය තක්සේරු කිරීමෙන් පසුව පමණක් බවත් අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කලැයි ඩේලි මිරර් වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් ආර්ථික වැඩසටහන එලබෙන මාර්තු මාසය වනවිට අවසන් වන්නට නියමිත අතර ඒ සමඟ නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙවැනි ආකාරයේ ආර්ථික ස්ථායිතා වැඩසටහනක් සිදුකරන්නට සැළසුමක් නැතැයි අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කර තිබෙන පසුබිමක මෙම අයි එම් එෆ් නියෝජිතයාගේ මතය වැදගත් වන අතර ඩේලිමිරර් වාර්තා කරන ආකාරයට ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තවත් වැඩසටහනක් අවශ්‍යද නැද්ද යන්න අවසාන වශයෙන් තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් වුවත් මේ වන තෙක් නව වැඩසටහනක් සඳහා නිල ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බවය.

මෙවැනි අවස්ථාවක එම සංවිධානය ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කර ඇති එම නියෝජිතයා ප්‍රකාශ කර ඇත්තේ, සාමාන්‍යයෙන්, IMF සාමාජික රටක් නව වැඩසටහනක් සඳහා නිල වශයෙන් උනන්දුවක් දක්වන විට, සාර්ව ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමට, ගෙවුම් ශේෂ අවශ්‍යතාවයක් පවතීද යන්න තීරණය කිරීමට සහ ඒ අනුව වැඩසටහනේ සැලසුම සාකච්ඡා කිරීමට IMF කාර්ය මණ්ඩලය සහ බලධාරීන් සමීපව කටයුතු කරන බවයි. ඒ අනුව නව වැඩසටහනක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි පසු, ඊට IMF විධායක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බවත් ඒ අනුව ක්‍රියාත්මක වෙන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

එවන් පාපජෝර්ජියෝගේ නායකත්වයෙන් යුත් IMF කණ්ඩායමක් පසුගිය සැප්තැම්බර් 10-23 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එහිදී මෑත කාලීන සාර්ව ආර්ථික වර්ධනයන් සහ EFF වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, මෙන්ම ප්‍රතිපත්තිමය නිර්දේශ පිළිබඳව සාකච්ඡා කිරීම ද සිදුකර ඇත.

එම මෙහෙයුම අවසානයේදී පාපජෝර්ජියෝ ප්‍රකාශ කර ඇත්තේ, එක පිට එක පැමිණි කම්පනයන්ට ඔරොත්තු දීමේ කැපී පෙනෙන හැකියාවක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය විසින් ඔප්පු කර ඇති බවත්, 2026 දෙවන කාර්තුව තුළ ආර්ථික ක්‍රියාකාරකම් සියයට 4.2 කින් පුළුල් වී ඇති බවත්, එය අඛණ්ඩව කාර්තු එකොළහක් පුරා පෙන්නුම් කළ ශක්තිමත් වර්ධනයේ සලකුණක් බවත් ය.

ගෝලීය තෙල් මිල කම්පනය හේතුවෙන් අගෝස්තු මාසයේදී ප්‍රධාන උද්ධමනය වාර්ෂිකව සියයට 8 දක්වා ඉහළ ගියද, අපේක්ෂාවන් පුළුල් ලෙස ස්ථාවරව පවතින බවත්, දළ නිල සංචිත වැඩි වී ඇති අතර, එය 2026 අගෝස්තු අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.9 දක්වා ළඟා වෙනු ඇති බවත්, බැංකු මනාව ප්‍රාග්ධනීකරණය වී ලාභදායීව පවතින බවත් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *