K News

Trending Now

ආණ්ඩුව ඩීසල් ඩබල් කැබ් 1000ක් ගන්න යන්නේ පැලවත්තට දෙන්නද?

cabs1000 knews

රජය විසින් බ්‍රෑන්ඩ්නිව් ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් (ඔටෝමැටික්-ට්‍රාන්ස්මිෂන්) සහිත, රෝද හතරටම බලය සැපයෙන ෆෝවීල් ඩ්‍රයිව් ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවා ඇත.

මෙම ටෙන්ඩරය සැප්තැම්බර් 29 වන දින ප්‍රචාරය කරන ලද අතර, එය අවසන් වන දිනය 2026 ඔක්තෝබර් 22 වේ. ප්‍රසම්පාදන ආයතනය වන්නේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වන අතර, එම අමාත්‍යාංශය විසින් ට්‍රැක්ටර් 175ක්, බැකෝ ලෝඩර් (බැකෝ ලෝඩර්ස්) 100ක්, ගලි බවුසර් (ගලි එම්ප්ටියර්ස්) 100ක් සහ ටිපර් රථ 160ක් සඳහා ද වෙන වෙනම ලංසු කැඳවා තිබේ.

මෙම සියල්ල අතරින් විශාලතම ප්‍රසම්පාදනය වන්නේ ඩබල් කැබ් රථ ප්‍රසම්පාදනයයි. පසුගිය වසරේ කැඳවන ලද ආන්දෝලනාත්මක වාහන 1,775 ක ප්‍රසම්පාදනයට සාපේක්ෂව, නවතම ටෙන්ඩරය මගින් තාක්ෂණික සහ සුදුසුකම් ලැබීමේ අවශ්‍යතා කිහිපයක්ම කැපී පෙනෙන ලෙස ලිහිල් කර ඇත.

2025 ඔක්තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය විසින් සම්පූර්ණයෙන්ම නව ෆෝවීල් ඩ්‍රයිව් ස්වයංක්‍රීය ඩීසල් ඩබල් කැබ් රථ 1,775ක් සඳහා ටෙන්ඩරයක් ප්‍රචාරය කරන ලදී. යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබුණේ දින 12ක් පමණි (එනම් වැඩ කරන දින හතක් පමණි). ලංසු පිරිවිතරයන් (ස්පෙසිෆිකේෂන්ස්) හරහා එක් වාහන සැපයුම්කරුවෙකුට පමණක් සුදුසුකම් ලැබීමට ඉඩ සලසා ඇති බව පෙනී යාම මත එය ප්‍රශ්න කිරීමට ලක් විය. එම ප්‍රසම්පාදන කටයුත්ත ඉදිරියට ගෙන ගියේ නැත.

නව 2026 සීමාවන් යටතේ, පෙර පැවති අවම ධාරිතාවය වූ 2,500 සීසී වෙනුවට කුඩා එන්ජිමක් – එනම් 2,400 සීසී – සඳහා රජය දැන් අවසර ලබා දෙයි. වාහනය පෙර තරම් බලගතු වීම තවදුරටත් අවශ්‍ය නොවේ (පසුගිය වසරේ ටෙන්ඩරයට සාපේක්ෂව අවම එන්ජින් බල අවශ්‍යතාවයේ සියයට 7 ක අඩුවීමක් ඇත).

එමෙන්ම ව්‍යවර්තයේ (ටෝක් – එනම් බර ඇදගෙන යාමට සහ දුෂ්කර තත්ත්වයන් පාලනය කිරීමට වාහනයකට ඇති හැකියාව ලබා දෙන්නේ ව්‍යවර්තය මගිනි) සියයට 12.5 ක අඩුවීමක් ද සිදුකර ඇත. තවද, 2026 ටෙන්ඩරය මගින් මිලිමීටර් 300 කට වඩා වැඩි (ඉහළ අගයක් ලෙස සැලකෙන) භූමි නිෂ්කාශනයක් (ග්‍රවුන්ඩ් ක්ලියරන්ස්) ඉල්ලා තිබූ නමුත්, වත්මන් පිරිවිතරය වන්නේ මිලිමීටර් 220 කට වඩා වැඩි අගයකි – මෙය සුදුසුකම් ලබන වාහන පරාසය පුළුල් කළ හැකි වෙනසකි.

ඒ අනුව, පසුගිය වසරේ පිරිවිතරයන් යටතේ අවසර ලබා දුන් වාහනවලට වඩා තරමක් කුඩා එන්ජින් සහ අඩු ඇදගෙන යාමේ බලයක් (පුලින්ග් පවර්) සහිත වාහන ද ඇතුළුව, බලයෙන් අඩු ඩබල් කැබ් රථ සඳහා නව ටෙන්ඩරය මගින් අවසර ලබා දෙයි.

පසුගිය වසරේ එක් සැපයුම්කරුවෙකුට පමණක් විශේෂ වරප්‍රසාද ලබා දෙන බවට චෝදනා එල්ල වීමට තුඩු දුන් වෙනත් පිරිවිතරයන් ද වෙනස් කර ඇත. උදාහරණයක් ලෙස, ලංසුකරුවන්ට දැන් දේශීය සේවා මධ්‍යස්ථාන 10ක් තිබිය යුතු නමුත් ඉන් පහක අයිතිය පමණක් තමන් සතුවීම ප්‍රමාණවත් වේ; ෆ්‍රැන්චයිස් / අලෙවි නියෝජිතායතන (ඩීලර්ෂිප්ස්) සඳහා ද අවසර දෙනු ලැබේ. පසුගිය වසරේදී, බස්නාහිර පළාතෙන් පිටත පහක් ද ඇතුළුව, සේවා මධ්‍යස්ථාන 10ක අයිතිය තමන් සතුව තිබීම අනිවාර්ය විය.

යෝජිත වර්ගයේ වාහන සඳහා පෙර විකුණුම් පළපුරුද්ද ඒකක 1,000 සිට 500 දක්වා අඩු කර ඇත. සාමාන්‍ය වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 10 සිට බිලියන 8 දක්වා අඩු කර තිබේ. නමුත් ලංසු ආරක්ෂණ මුදල (බිඩ් සිකියුරිටි) රුපියල් මිලියන 50 සිට මිලියන 250 දක්වා වැඩි කර ඇති අතර, එය පස් ගුණයක වැඩිවීමකි. ණය පහසුකම් හෝ ද්‍රවශීල වත්කම් (ලික්විඩ් ඇසෙට්ස්) හරහා රුපියල් බිලියන 5 ක මූල්‍ය සම්පත් ඇති බව තහවුරු කිරීම ද නව ටෙන්ඩරය සඳහා අවශ්‍ය වේ.

සන්ඩේ ටයිම්ස් හි පළවූ නාමිණි විජේදාස ගේ Govt calls for bids to buy 1,000 diesel double-cabs යන ප්‍රවෘත්තියේ සිංහල පරිවර්තනය බව සලකන්න. මාතෘකාව වෙනස් කළ බව සලකන්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *