අභියාචනාධිකරණයෙන් විසි කළ ආනන්ද විජේපාලගේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට

aananda wijepala 2024.11.19 1 768x401

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කර ඉදිරිපත් වූ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව ගොනුකළ අභියාචනයක් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) අවසර ලබා දුන්නේය.

ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නියෝගය නිකුත් කෙරුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන රේණුක දුෂ්‍යන්ත පෙරේරා විසින් මෙම අභියාචනය ගොනු කර ඇත. ඔහු පෙන්වා දෙන්නේ ආනන්ද විජේපාල මහතා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතරතුරදීම, ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට ද පත් කර ඇති බවයි.

පෙත්සම්කරුගේ තර්කය වන්නේ එම තනතුර දැරීම හරහා ඔහු රාජ්‍ය නිලධාරියෙකු බවට පත්වන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහුට මන්ත්‍රී ධුරයේ රැඳී සිටීමට හෝ පාර්ලිමේන්තු ඡන්ද විමසීම්වලට සහභාගී වීමට නීතිමය සුදුසුකමක් නොමැති බවයි.

මීට පෙර මෙම ඉල්ලීම ඇතුළත් රිට් පෙත්සම පසුගිය 2025 මැයි 7 වැනිදා අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. එහිදී නීතිපතිවරයා මතු කළ මූලික විරෝධතාවයක් පිළිගනිමින් අභියාචනාධිකරණය සඳහන් කළේ නඩුවට අදාළ අත්‍යවශ්‍ය පාර්ශ්වයන් වගඋත්තරකරුවන් ලෙස නම් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවයි.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණයේ එම තීන්දුව නිවැරදි නොවන බව පවසමින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණි අතර, කරුණු සලකා බැලූ උත්තරීතර අධිකරණය මේ පිළිබඳව දීර්ඝ ලෙස විභාග කිරීමට තීරණය කර ඇත.

මෙම නඩු වාරයේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ විශ්ව විමුක්ති පෙනී සිටි අතර, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් පෙනී සිටියේය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...