පිරිසක් සලේගේ පෙත්සමේ පාර්ශවයක් වෙන්න ඉල්ලයි

1774520550 sallaya l

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් ගොනු කර ඇති රිට් පෙත්සමට තමන්වද ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් තවත් පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇත. 

ආචාර්ය ගුණදාස අමරසේකර, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය දාපනේ සුමනවංශ හිමි, දිඹුලාගල රාහුලාලංකාර හිමි, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශක වෛද්‍ය ශකුන්තලා සෙනෙවිරත්න සහ ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය එම පෙත්සම්කරුවෝ වෙති. 

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත්තේ තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම නීතිවිරෝධී බව පවසමිනි.

එමෙන්ම, මෙම නඩුවේ වගඋත්තරකාර පාර්ශවයන් ලෙස පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම ඇත්තේ සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායමට පමණක් බවයි. ඊට සුරේෂ් සලේ සම්බන්ධ නැති බව නිල විමර්ශනවල දී තහවුරු වී ඇතැයි ඔවුහු පවසති.

එසේම චැනල් 4 නාලිකාවේ චෝදනා විශ්වාස කළ නොහැකි බවත්, ප්‍රහාරය සිදුවන කාලයේ සලේ ලංකාවේ නොසිටි බවත් ඔවුහු සඳහන් කරති. මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය දුන් පාස්කු නඩු තීන්දුවෙන් ද සුරේෂ් සලේට කිසිදු චෝදනාවක් එල්ල කර නැති බව මෙම පිරිස වැඩිදුරටත් පෙන්වා දෙති.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...