2025 වසරේ විශිෂ්ටයින් ලෙස පැතුම් සහ චමරි සම්මාන දිනති

pathumwithchamari knews

2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පැතුම් නිස්සංක සහ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබූහ.

පසුගිය 6 වැනිදා රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී ඔවුන් දෙදෙනා මෙසේ සම්මානයට පාත්‍ර වූ අතර, 2025 වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙස පැතුම් නිස්සංක ද, එම වර්ෂයට අදාළව හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය ද සම්මාන දිනා ගත්හ.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, 2025 වසරේ හොඳම එක්දින පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු ද, හොඳම පිතිකරු ලෙස චරිත් අසලංක ද, හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග ද සම්මානයට පාත්‍ර වූහ.

2025 වසරේ විස්සයි20 හොඳම පන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර සම්මාන හිමි කර ගත් අතර, පැතුම් නිස්සංක එම අංශයේ හොඳම පිතිකරු ලෙසත්, දසුන් ශානක එහි හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසත් සම්මානයට පාත්‍ර වූහ.

මෙහිදී කාන්තා අංශයෙන් 2025 වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය හා තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු ද, හොඳම පිතිකාරිය ලෙස හර්ෂිතා සමරවික්‍රම ද සම්මානයට පාත්‍ර වූහ.

2025 වසරේ විස්සයි20 හොඳම පන්දු යවන්නියට හිමි සම්මානය කවීෂා දිල්හාරි හිමි කර ගත් අතර, චමරි අතපත්තු එහි හොඳම පිතිකාරිය හා තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.

සම්මාන උළෙලේ නැගී එන ක්‍රීඩකයා ලෙස කමිල් මිෂාර ද, නැගී එන ක්‍රීඩිකාව ලෙස ඉමේෂා දුලානි ද සම්මානනීය වූහ.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...