[gtranslate]

පිළිකා ඖෂධ ඇතුලු විශාල ඖෂධ හිඟයක්

cencernews knews

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන Oxaliplatin වැනි කීමෝ ඖෂධවල සිට කොලොස්ටොමි බෑග්ස් දක්වා ඖෂධ සහ ශල්‍ය උපකරණවල විශාල පරිමාන හිඟයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි.

මේ පිළිබඳව කරුණු විමසීමේදී වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ ගෙවී ගිය මාස හයක කාලසීමාව තුළ පමණක් මෙරට රෝහල් පද්ධතියේ භාවිත කළ ප්‍රධාන පෙළේ ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ 40කට ආසන්න ප්‍රමාණයක් බාල ප්‍රමිතිය නිසා වරින් වර භාවිතයෙන් ඉවත් කර ඇති බවය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ සැකකටයුතු රෝගී මරණ හේතුවෙන් ‘ඔන්ඩෙස්ටරොන්’ (Ondansetron) ඇතුළු ඖෂධ කාණ්ඩ 10ක් එකවර භාවිතයෙන් ඉවත් කළද, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මේ දක්වා ඒ පිළිබඳ කිසිදු නිශ්චිත පැහැදිලි කිරීමක් කර නොමැති බව ප්‍රකාශ කරන ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ජීවිතාරක්ෂක සහ ප්‍රධාන ඖෂධ වල බරපතල අඩුවක් තිබෙන බවය. දියවැඩියාව සඳහා ලබාදෙන Metformin, Doxycycline, Prednisolone, හෘද රෝග සඳහා ලබාදෙන GTN පෙති, Lidocaine නික්ෂේපණය, Caphalexin දියරය, Salbutamol ආශ්වාස දියරය, Mexalon නික්ෂේපණය සහ IV Cefuroxime හිඟ බව කියා සිටියේ ය.

Colostomy bags (මළපහ එකතු කරන බෑග්), Angiogram catheters (හෘද පරීක්ෂණ නල), Povidone catheters, සිරිංජ (Syringes) සහ ජීවී සේලයින් වර්ග (ORS), හෘද ස්ටෙන්ට් කාණ්ඩ 3ක්ද වෛද්‍ය සැපයුම් ඒකක දත්ත පද්ධතියට අනුව භාවිතයෙන් ඉවත් කර ඇති බව ප්‍රකාශ කරන ඒ මහතා ඒ අනුව එම කාණ්ඩල දෑ රෝහල් පද්ධතිය තුළ නැතැයි ප්‍රකාශ කරයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...