[gtranslate]

නිදහස් මාධ්‍යයට එරෙහිව ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරයි..!

Lakmali parliament privileges knews

පල්ලේගම හේමරතන භික්ෂුව විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම පිළිබඳව සාකච්ඡා කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සාකච්ඡාව පිළිබඳව සාවද්‍ය තොරතුරු වාර්තා කළේ යැයි කියමින් බීබීසී සිංහල වෙබ් අඩවියේ සංස්කාරකවරිය සහ එහි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් හට අනිද්දා (23) දිනයේදී පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා ඇතැයි KNEWS වෙත වාර්තා වෙයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ගේ පැමිණිල්ලක් මත මෙම කැඳවීම සිදුකර ඇතැයි වාර්තා වෙන අතර මෙය නිදහස් මාධ්‍ය වෙත එල්ල කළ තර්ජනයක් බව අප වෙබ් අඩවියේ විශ්වාසය යි. 

පාර්ලිමේන්තු කාරකසභාවක් නොවෙන මන්ත්‍රී සංසදයක සිදුවීමක් අල්ලාගෙන ආණ්ඩුව තමන්ගේ පාර්ලිමේන්තු බලය මෙසේ මාධ්‍යට එරෙහිව සහ තොරතුරු දැනගැනීමේ අයිතියට එරෙහිව භාවිතා කිරීම පිළිකුල්සහගත බව කිව යුතු ය. 

එවක අටමස්ථානාධිපති භික්ෂුව විසින් සිදු කළා යැයි කියවෙන මෙම ළමා අපයෝජන සිදුවීම පිළිබඳව පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීම එන්න එන්නම පමාකරන පසුබිමක සහ ආණ්ඩුව නීතිය නැමීම සඳහා ආධාර අනුබල දෙමින් සිටින පසුබිමක, ඊට විරුද්ධව විශාල ජනහඬක් නැඟුණු අතර ඒ කාලයේ පෙනෙන්නවත් නොසිටි පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදය මෙසේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට වැට බඳින්නට පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කිරීම හෙළාදැකිය යුතුය.

මෙම කමිටුව නියෝජනය කරන අජිත් පී පෙරේරා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන්, ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ මෙම පැමිණිල්ල සම්බන්ධව කුමන තීරණයක් ගනු ඇත් දැයි විමසිලිමත්ව සිටීම විපක්ෂ ක්‍රියාකාරීන්ට වැදගත් වෙනු ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...