K News

Trending Now

නිකරගුවාවේ මින්පසු මැතිවරණ නෑ

nicaragua-daniel-ortega

සැන්ඩිනිස්ටා විප්ලවයේ 47 වන සංවත්සරය අමතමින් නිකරගුවාවේ සම-ජනාධිපති 80 හැවිරිදි ඩැනියෙල් ඔර්ටේගා ප්‍රකාශ කළේ ඉදිරියේ දී තම රට තුළ කිසිදු මැතිවරණයක් නොපවත්වන බවයි. 

ඇමෙරිකානු සහාය ලබන විපක්ෂයට නැවත කිසිදිනෙක රාජ්‍ය බලය ඇල්ලීමට ඉඩ නොතබන බවත්, ඔවුන්ට බලයට පැමිණීමට ඇති සියලු මාර්ග වසා දැමීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

2007 සිට අඛණ්ඩව බලයේ පසුවන ඔර්ටේගා, මීට පෙර සිදුකළ ව්‍යවස්ථා සංශෝධන මගින් සිය බිරිඳ වන රොසාරියෝ මුරියෝ නිකරගුවාවේ සම-ජනාධිපති ලෙස පත්කර ගනිමින් ධුර කාලය ද වසර 6 දක්වා දීර්ඝ කරගත්තේය. 

2018 රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මර්දනය කිරීම සහ 2021 දී විපක්ෂ නායකයන් හා මාධ්‍යවේදීන් සිරගත කිරීම හේතුවෙන් මොවුන්ගේ පාලන තන්ත්‍රය ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *