K News

Trending Now

ආනයන සීමා ඉවත් කළාට පස්සේ ඩොලර් බිලියන 3.8ක වාහන ගෙනල්ලා

vehicle knews

2024 වසරේදී වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8ක පමණ වටිනාකමකින් යුත් වාහන ලක්ෂ 8කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පසුගිය 6දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ, 2024 සහ 2025 යන වසර වලදී ඩොලර් බිලියන 1.9 ක ණයවර ලිපි විවෘත කර ඇති බවත් 2026 වසරේදී ඩොලර් බිලියන 1.69 ක වටිනාකමකින් යුත් ණයවර ලිපි විවෘත කර ඇති බවත් ය.

ඔහු පවසන පරිදි, මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෝටර් රථ 79,000කට අධික සංඛ්‍යාවකුත්, වාණිජ වාහන 12,000කුත්, බස් රථ සහ වෑන් රථ 3,148කුත්, යතුරුපැදි 317,000කුත් සහ ත්‍රීරෝද රථ 40,000කුත් ආනයනය කර ඇත.

2025 වසරේදී ශ්‍රී ලංකාව විසින් මෝටර් රථ 90,000කට වැඩි ප්‍රමාණයක්, වාණිජ වාහන 11,000ක්, බස් සහ වෑන් රථ 2,185ක්, යතුරුපැදි 225,000ක් සහ ත්‍රීරෝද රථ 22,000ක් ආනයනය කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වාහන ආනයනය ඉහළ යාම හේතුවෙන් රටේ විදේශ සංචිත පහත වැටී ඇති බවට විපක්ෂය නඟන චෝදනා පිළිගත නොහැකි බවත් වාහන ආනයනය සඳහා කොතරම් වියදම් කර තිබුණද රජය මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක පමණ විදේශ සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යන බවත් ප්‍රකාශ කරයි.

එම කරුණ අවධාරණය කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ වසර අවසන් වන විට රටේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *