K News

Trending Now

ශ්‍රී ලංකාව කැමති නම් ඉන්දියාව පාලම හදන්න කැමතියි

sri lanka india bridge knews

ශ්‍රී ලංකාව කැමති නම් තමන් වහාම ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගොඩබිමින් යා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට සූදානම් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඒ සඳහා පාලමක් හෝ උමඟක් සෑදීමට ඉන්දියාව සූදානම් බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මාර්ගයකින් සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 30 ක පාලමක් යෝජනා කර ඇති අතර, මෙය 2002 වසරේ සිට නිරන්තරව කාලෙන් කාලයට මතුවෙමින් යට යමින් පවතී. එහෙත් මෙවර ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා විරෝධයක් නොමැති නම් ඉන්දියාව එම පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට සූදානම් බව වාර්තා වෙයි.

පසුගිය දිනෙක ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ගොඩනැගීමේ අවශ්‍යතාව ගැන අවධාරණයෙන් කතා කර තිබූ අතර, එහිදී ඔහු දෙරටේ සමීපතම ස්ථාන දෙකක් අතර දුර කිලෝමීටර් 30ක් තරම් කෙටි වුවත් ඍජු මාර්ගයක් නැතිවීම ගැන මෙන්ම බලශක්ති ජාල සම්බන්ධතාවයක් නැතිවීම අසාමාන්‍ය තත්ත්වයක් බව ප්‍රකාශ කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර සම්බන්ධයක් භූමිය හරහා ඇතිවීම මගින් මුළු කලාපයේම ආර්ථික‍ය පරිවර්තනය වේ යැයි එහිදී ඔහු විශ්වාසය පළ කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *