K News

Trending Now

රටට සුබයි, මහමඟ මරණ දඬුවම ක්‍රියාත්මකයි..!

under world sri lanka knews

ගාල්ල, බද්දේගම පොලිස් වසමේ හල්පතොට ප්‍රදේශයේදී පසුගිය සැප්තැම්බර් 27 දින උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සුවිශේෂීය. ත්‍රිරෝද රථයක් පසුපස හඹා ආ මෝටර් රථයක් එම ත්‍රිරෝද රථය මඟ හරස් කර නතර කළේය. ඉන්පසුව මෝටර් රථයෙන් බිමට බැස්ස වෙඩික්කරු දිගට හරහට වෙඩි තැබූ අතර ත්‍රිරෝද රථය පැදගෙන ආ තරුණයා එතැනම ජීවිතක්ෂයට පත්විය. තවත් කාන්තාවක් මරු විකලෙන් දුවගෙන යන විට වෙඩික්කරු චිකාගෝ පන්නයට පන්න පන්නා වෙඩි තබන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව ඇත. මෙයින් පෙනෙන්නේ ආණ්ඩුව ජනතාවට මොනවා කීවත් ආණ්ඩුවේ පාතාල මර්දනය පිළිබඳව රටේ පාතාලය සිතාගෙන සිටින ආකාරයයි. කොටින්ම කියනවා නම් මෙයින් පෙනෙන්නේ ආණ්ඩුවේ කොස්කොළ පෙනේ පිම්බුවට පාතාලයන්ට වැඩක් නැති බවයි.

අධිකරණ නියෝගයකට අනුව බද්දේගම දිසා අපරාධ කොට්ඨාසයේ පෙනී සිට නැවත පැමිණෙමින් සිටියදී මෙසේ පාතාලයේ ඉලක්කය වූ අතර, පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට මෙම චිකාගෝ වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි, තිදරු පියෙකු වූ ත්‍රිරෝද රථ රියදුරු ලලිත් සුසන්ත ද සිල්වා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ සුසිතා ඉරෝෂණී හෙවත් ‘කළු නෝනා’ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇත. මෙම වෙඩි ප්‍රහාරයෙන් කළු නෝනාගේ මවද තුවාල ලැබූ අතර ඇය මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලීසිය කියන්නේ කුමක්ද?

ඇල්පිටිය පොලීසියට අනුව මෙම වෙඩි තැබීමට හේතුව පාතාල නායකයන් දෙදෙනෙකු අතර ආරවුලකි. ඒ අනුව කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ලොකු පැටීගේ පාර්ශ්වයටය. කරන්දෙණිය සුද්දාගේ මස්සිනා මැරූ පළිය ගන්නට මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි. ඒ අනුව පොලීසියට අනුව මෙම සාහසික වෙඩි තැබීම කරන්දෙණිය සුද්දාගේ මෙරට සිටින නියෝජිතයන්ගේ සැලසුමකි. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධනගේ උපදෙස් මත ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණියගේ මෙහෙයවීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් වාර්තා සහ දත්තවලට අනුව මෙම වෙඩි තැබීම මේ අවුරුද්දේ පළමු වෙඩි තැබීම නොවන බව කිව යුතුය. මේ වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධීන් 39ක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයින් 21 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ප්‍රසිද්ධියේ, දිවා කාලයේ මෙවැනි ප්‍රහාර එල්ල කිරීම සහ අමු අමුවේ මෙසේ තිරිසන් ක්‍රමයට මහමඟ මිනිසුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවන්නේද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *