K News

Trending Now

කමිටුවට නොදන්වා PSTA පනත වෙනස් කරලා – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

sialiya piris knews

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයෙකු ලෙස, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වා දීමට යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය සුරැකීමේ පනත (PSTA) පිළිබඳ කමිටුවේ සාමාජිකයෙකු ලෙස මම කටයුතු කළෙමි.

එහිදී බහුතරයේ වාර්තාවේ සඳහන් වූ කරුණු තුනක් සම්බන්ධයෙන් මම එකඟ නොවූයෙමි. එනම්; ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම (මාගේ මතය අනුව එය ඉතා පුළුල් වන අතර බලධාරීන් විසින් එය අනිසි ලෙස භාවිතා කිරීමට ඉඩ ඇත), පරිපාලනමය රැඳවුම් භාරය (මාගේ මතය අනුව එය අමාත්‍යාංශ ලේකම්වරයෙකු අත නොව අධිකරණ නිලධාරීන් සතුවිය යුත්තකි), සහ සංවිධාන තහනම් කිරීමේ බලය (මාගේ මතය අනුව එය අධිකරණ බලධාරියෙකුට පැවරිය යුත්තකි) යන කරුණු ය.

මෙම විධිවිධාන හැරුණු විට, රැඳවා තබා ගැනීමේ කාලය සීමා කිරීම සහ සැකකරුවෙකුට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති විට මහේස්ත්‍රාත්වරයාට ඇප ලබා දීමට හැකි කිරීම ඇතුළු අනෙකුත් සියලුම විධිවිධාන සඳහා කමිටුවේ සාමාජිකයන් සියලු දෙනාම එකඟ විය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත මා පරික්ෂා කළ විට, කමිටුවේදී එකඟ වූ කරුණුවලින්, විශේෂයෙන්ම ඇප දීමේ විධිවිධාන සහ රැඳවා තබා ගැනීම් දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්, ප්‍රධාන වශයෙන් බැහැරවීම් (වෙනස්කම්) සිදුවී ඇති බව මම නිරීක්ෂණය කළෙමි.

මෙම වෙනස්කම් පිළිබඳව හෝ ඊට හේතු පිළිබඳව කිසිවිටෙකත් කමිටුව දැනුවත් කර නැත. කමිටුව සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව මෙම වෙනස්කම් සිදු කිරීමට හේතු වූයේ කවුරුන්ද හෝ කුමක්ද යන්න පවා කමිටුවට දන්වා නොමැත. ඒ අනුව, පනත් කෙටුම්පත කමිටු වාර්තාවෙන් වෙනස් වී ඇති ආකාරය පෙන්වා දෙමින් මම ඊයේ කමිටුවේ සභාපතිවරයාට ලිපියක් යොමු කළෙමි.

මෙම කමිටුවට නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්, පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම ජනාධිපති නීතීඥවරුන් කිහිප දෙනෙකු, නීතීඥවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද ඇතුළත් විය.

මෙම පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන්ම සම්මත වුවහොත්, PSTA පනත යටතේ දිගින් දිගටම දීර්ඝ කාලීන රැඳවා තබා ගැනීම් සිදුවනු ඇත. සැකකරුවන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් (කරුණක්) නොමැති වුවද, PSTA පනත යටතේ ඉදිරිපත් කරනු ලබන සැකකරුවන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරුන්ට බල කෙරෙනු ඇත. එසේම PTA පනත යටතේ සිදු වූවාක් මෙන්, බලයේ සිටින දේශපාලනඥයින් මෙන්ම පොලිසිය සහ ආරක්ෂක බලධාරීන් විසින් PSTA පනත ද අනිසි ලෙස භාවිතා කිරීම නොවැළැක්විය හැකි වනු ඇත.

උපුටාගැනීම – සාලිය පීරිස් මහතාගේ මුහුනු පොත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *