කෑගල්ල මහනගර සභාවේ ඔළගම කොට්ඨාසයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කසුන් මධුසංඛ බණ්ඩාර කබානා ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 260ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් නාලක වීරසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 9දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත.
මහනුවර පදිංචි රමේෂ් තිලාන් නම් ව්‍යාපාරිකයෙක් විසින් කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට සහ කෑගල්ල පොලීසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇති කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, මෙම මාලිමා නාගරික මන්ත්‍රීවරයා කෑගල්ල යට්ටෝගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන පසුගිය 1දා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
කෑගල්ල දීවෙල මාර්ගයේ මිනුවන්ගමුව ප්‍රදේශයේ ඇති ඉඩමක කබානා ව්‍යාපෘතියක් සකස් කර දීමට යැයි කියමින් මොහු රුපියල් දෙකෝටි හැටලක්ෂයක මුදලක් තමාගෙන් ලබාගත බවත්, එය ඉදිකර නොදී එම මුදල් සාවද්‍ය පරිහරණය කර ඇති බවත්, මෙහිදී පැමිණිලිකරු විසින් පොලීසියට පැමිණිලි කර ඇත.






