2023 සිට ඩොලර් මිලියන 715ක් රටින් පන්නලා…!

illegal forex outflow investigation-knews

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 715ක මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වී තිබේ. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වීමෙන් අනතුරුව එහි වැඩිදුර  විමර්ශන කටයුතු සිදු කර ඇත්තේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කුරුවිට මහතා විසිනි. 

2023 වසරේ සිට මේ දක්වා මෙම ජාවාරම්කරුවන් විසින් භාණ්ඩ ආනයනය කරන ආයතන ලෙස පෙනී සිටිමින් රජයේ සහ පෞද්ගලික බැංකු හරහා කිසිදු භාණ්ඩයක් ගෙන්වීමකින් තොරව මෙම විදේශ විනිමය පිටරටවලට යවා ඇති බව කියැවේ. 

බැංකු පද්ධතියේ, රේගුවේ සහ ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ පවතින දුර්වලතා, මුදල් කාරක සභාවේ දැඩි අවධානයට ලක්ව ඇති අතර මෙම ජාවාරම වැළැක්වීමට නීතිමය හා පරිපාලනමය පියවර ගැනීමට තීරණය කර තිබේ.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...