නේපාලයේ හදිස්සි ගංවතුරෙන් මේ වනවිට 800කට එහා අතුරුදන්

4e8ab5c0 a1b2 11f1 a598 9df6ae0dd0cc.jpg

නේපාල-ටිබෙට් දේශසීමාවේ ඇති වූ දැවැන්ත ක්ෂණික ගංවතුර තත්ත්වයෙන් පසුව නේපාලයේ පුද්ගලයින් 800කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති අතර, මේ දක්වා අවම වශයෙන් මළ සිරුරු 177ක් සොයාගෙන ඇති බව බීබීසීය වාර්තා කරයි.

තවදුරටත් පවතින වර්ෂාව සහ භූගෝලීය පිහිටීම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් සංකීර්ණ වී තිබෙන අතර මෙම ක්ෂණික ගංවතුර තත්ත්වයෙන් පසුව නිවාස විනාශ වී, මාර්ග ජලයෙන් යට වී සහ වේගයෙන් ගලා ආ මඩ සහ ජලයට පාලම් ගසාගෙන ගොස් ඇති අතර, මුදාගැනීමේ කණ්ඩායම් තවමත් දිවි ගලවා ගත් පුද්ගලයන් සොයමින් සිටිති.

‘මගේ බිරිඳ තවමත් කොහේ හරි මඩ යට ඉන්නවා,’ යැයි හෙලිකොප්ටරයක් මගින් මුදාගන්නා ලද එක් පුද්ගලයෙක් ප්‍රකාශ කළ බව බීබීසීය වාර්තා කරයි. මේ අතර මෙම තත්ත්වය හේතුවෙන් ටිබෙටයේ අවම වශයෙන් පුද්ගලයින් 558 දෙනෙකු අතුරුදන් වී ඇති අතර, තිදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇත. කෙසේ වෙතත් මෙම සංඛ්‍යාලේඛන නේපාලයේ සංඛ්‍යාලේඛන සමඟ මිශ්‍රවේද යන්න පැහැදිලි නැත.

මේ අතර දේශසීමාවේ දෙපසම, විදේශ ජාතිකයින් සිය ගණනක් අතුරුදන් වී ඇති අතර නේපාලය පවසන්නේ ඊට ඉන්දියාවේ සංචාරකයින් 178ක්, නේපාලයෙන් 127ක්, ඇමරිකානුවන් 65ක්, ඔස්ට්‍රේලියානුවන් 35ක් සහ එක්සත් රාජධානියෙන් 33ක් ඇතුළත් වන බවයි.

මේ අතර මෙම තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් සිදුකරන ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (US Geological Survey) පවසා ඇත්තේ, “ග්ලැසියර කඩා වැටීමක් සහ සුන්බුන් ගලා යාමක්” (glacial collapse and debris flow) මෙම ගංවතුරට හේතු වූ බවයි.

තවද ගංගාවල ඇති සුන්බුන් හේතුවෙන් දෙවන ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට බියක් පවතී.

nepal inarticle 620

නේපාල හදිස්සි ගංවතුර පිළිබඳව කලින් සිදුකළ වාර්තාකරණයන් මෙතනින් – https://knews.lk/massive-flood-in-nepal-leaves-hundreds-missing/

https://knews.lk/least-22-killed-in-nepal-flash-floods-knews/

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...