ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ජනපති කියයි

anurakumara knews

දීර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ අහෝසි කරන්න කියලා ජනතාව අරගල කළ බවත් ඒ අනුව මේ වසරේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන බවත් මේ වනවිට ඒ පිළිබඳව අවසන් සාකච්ඡාව පැවැත්වී ඇති බවත් පසුගිය 25දා පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.

‘ඉතා ඉක්මනින් අපි මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරනවා. හැබැයි අපි දන්නවා මේ අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ තර්ජනයක් තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ මැඬ පැවැත්වීම සඳහා අවශ්‍ය වන ශක්තිමත් නීතියක් සම්පාදනය කරනවා. ත්‍රස්තවාදය විවිධාකාරයෙන් අර්ථකථනය කර අපට පීටීඒ යටතේ නඩු දාන්න පුළුවන්.

අර්ථ නිරූපණය කිරීමේ විශාල පරාසයක් ත්‍රස්තවාදී වළක්වීමේ පනත යටතේ තිබෙනවා. හැබැයි සංවිධානාත්මක අපරාධවලට අපි හැම වෙලාවේම හරියටම සංයුක්ත කර අවශ්‍ය වන පරිදි අර්ථ නිරූපණය සකස් කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේදී ඉතා පුළුල් පරාසයක් තිබෙනවා. තමන්ට දඩයම් කිරීමට අවශ්‍ය නම් තමන්ට එකඟ නොවෙනවා නම් දඩයම් කිරීමට අවශ්‍ය වන ප්‍රතිපාදනයක් පීටීඒ යටතේ හොයාගන්න පුළුවන්. ඒ තරම් පුළුල් පරාසයක තමයි ත්‍රස්තවාදය පිළිබඳ අර්ථකථන පී.ටී.ඒ එක ඇතුලේ තිබෙන්නේ. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම්, භාෂණයේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය, මුළුමනින්ම ආරක්ෂාවන පරිදි සංශෝධනයකට යටත්ව අපි ඉතා ඉක්මනින් ඒක කරනවා.

සංවිධානාත්මක අපරාධ පනත මගින් සංවිධානාත්මක අපරාධකරුවන් මැඬ පැවැත්වීම ඉලක්ක කර ගනිමින් ඉතාමත් පැහැදිලි නිර්වචනයක් ඇති කරනවා. මුළුමනින්ම සංවිධානාත්මක අපරාධ ඉලක්ක කර ගත් නිර්වචනයක් ඒ පනත තුළින් අපි ගේනවා’. යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...