සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය අද විවෘත වෙයි..!

sabaragamuwa university knews

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය අද (4) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරෙන බව එම විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජ්‍යයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රදානයන් යටතේ යහපාලන රජය අවධියේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම වෛද්‍ය පීඨ සංකීර්ණය රත්නපුර නව නගරය ආශ්‍රිත අක්කර 20ක භූමි ප්‍රමාණයක ස්ථාපිතව ඇත.

මෙම වර්ෂය සඳහා වෛද්‍ය සිසුන් 162 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, මේ වන විට එහි වෛද්‍ය සිසුන් 750ක් පමණ අධ්‍යාපනය ලබන බව වාර්තා වෙයි.

මෙම ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1,096ක් වෙන්කර ඇති අතර, සෞදි අරාබි රාජ්‍යය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මූල්‍ය දායකත්වයක් ලබාදී ඇත.

නව වෛද්‍ය පීඨ සංකීර්ණය තුළ සිසුන් 500ට එකවර නේවාසික පහසුකම් සැපයිය හැකි නේවාසිකාගාරයක් සහ සිසුන් 1,060 දෙනෙකුට එකවර අසුන් ගත හැකි ශ්‍රවණාගාරයක් ද ඉදිකර තිබේ.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...