මොන විරෝධතා ආවත් ගත් තීන්දුව ආපසු හරවන්නේ නෑ – ජනපති

anura npp 22 knews

කවුරු මොන විදිහකට කුඩා කුඩා ප්‍රතිවිරෝධ දැක්වුවත්, තමන් ජනතාව වෙනුවෙන් ගනු ලබන කිසිදු තීන්දුවක් ආපසු නොහරවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 26 වැනිදා මීගමුව අල්-හිලාල් මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති 42 වැනි ජාතික මීලාද්-උන්-නබි රාජ්‍ය මහෝත්සවය අමතමින් ප්‍රකාශ කර ඇත.

තමන් ජනතාවට සහතික වන බවත්, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තීරණය ආපසු හරවන්නේ නැති බවත් එහිදී ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, තමන් තීන්දුවක් ගැනීමේදී විය හැකි වාසි, අවාසි සහ අනෙකුත් බාහිර සාධක යන මේ සියල්ල තීන්දුව ගැනීමට පෙර සාකච්ඡාවට භාජනය කරන බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව යම් කරුණක් පිළිබඳව තීන්දුවක් ගැනීමට ප්‍රථම හැම පැත්තකින්ම සහ හැම මානයකින්ම ඒ දෙස බලන බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, තීන්දුව ගත්තාට පසුව එය ආපසු හරවන්නේ නැති බවට තමන් සහතික වන්නේ යැයි අවධාරණය කර ඇත.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මුළුමනින්ම අපේක්ෂා කරන්නේ රටේ ජනතාවට යුක්තිය පසිඳලීමේ කාර්යය වේගවත් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, මහජන බලය කෙරෙහි තමන් දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරන බවත් ප්‍රකාශ කර ඇත.

මෙම සංශෝධනය තුළින් පොදු ජනයාට නීතිය පිළිබඳ තිබෙන විශ්වාසය තහවුරු කරන බවත්, ඒ හරහා යුක්තිය වේගයෙන් පසිඳලීම සඳහා අවශ්‍ය පසුබිම ලබාදීමේ අරමුණක් මේ තුළ ගැබ්ව තිබෙන බවත් ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, 2006 වසරේ නඩුවක තීන්දුව ලැබෙන්නේ 2026 දී බව ද එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...