වසර 32කට කාන්තාවක් ඝාතනය කිරීම සහ පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමකට අදාළ නඩුවක චූදිතයන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා අද (09) මරණ දඬුවම නියම කළේය.
පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව විනිසුරුවරයා ප්‍රකාශ කරන ලදි.
මෙසේ මරණ දඬුවම නියම වූයේ පී.ඒ.කේ. නිශාන්ත කුමාර, ඉෂාඩ් මෝසස්, රොහාන් ජානක සම්පත් සාගර, අනිල් ඉන්ද්‍රජිත්, කනගරාජා තිරොන්, සෝමරත්න සිල්වා, හික්කඩුව L. නිහාල් සහ කේ.ඩබ්ලිව්. අජිත් කුලතුංග යන අයටයි.
1993 සැප්තැම්බර් 21 වනදා කොළඹ තාරාවත්ත ප්‍රදේශයේදී, මාරක අවි සහ පොලුවලින් පහරදී එච්.බී. කුසුමාවතී නැමැති කාන්තාව ඝාතනය කිරීම ඇතුළු චෝදනා 7ක් යටතේ නීතිපතිවරයා මොවුන්ට එරෙහිව නඩු පවරා තිබුණි.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී අටවන චූදිතයා වන අජිත් කුලතුංග අධිකරණයට පැමිණ නොසිටි අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විනිසුරුවරයා විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.






