කබරගල පවුල් 50කට ජනපති අතින් ගෙවල්

kabaragala knews

නායයාමක් නිසා නිවාස අහිමි වී වසර තුනහමාරකට ආසන්න කාලයක් තේ කර්මාන්තශාලාවක ජීවත් වූ පූනාගල, කබරගල ප්‍රදේශයේ පවුල් 50කට අද (28) දින නව නිවාස හිමිකම ලබාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදුවිය.

මෙසේ “නවෝදයාගම” නව නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස 50ක් ලබාදීම සිදුවුණේ, පසුගිය 2023 මාර්තු 19 වනදා සිදු වූ නායයාමෙන් පසුව දුෂ්කර තත්ත්වයන් යටතේ වසා දමනු ලැබූ තේ කර්මාන්තශාලාවක ජීවත් වූ පවුල් 50කට ය.

මෙම ව්‍යාපෘතිය මඟින් සෑම පවුලකටම නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත වර්ග අඩි 550ක අංගසම්පූර්ණ නිවසක් සහ පර්චස් 10ක ඉඩමක් ලබා දී ඇති අතර, සෑම නිවසක් සඳහාම රුපියල් 175,000ක පමණ වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ ආදිය ද ලබා දී ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...