ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2026 ජූනි මස 29 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රු. 20 කින් ද ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු. 25කින් ද අඩු කරන බව නිවේදනය කරයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 නව මිල රු. 414ක් වන අතර ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රු. 382ක් වෙනවා ඇත. අනෙකුත් ඉන්ධන මිල ගණන්වල වෙනසක් නොවෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.






