මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකයේ සමස්ත වගකීම භාරගෙන අධිකරණ හා බන්ධනාගාර විෂය භාර ඇමැති හර්ෂණ නානායක්කාර වහාම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.
අද (7) එම පක්ෂ කාර්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ, ඇමැතිවරයා තවදුරටත් එම ධුරයේ රැඳී සිටින්නේ නම් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු සාධාරණ හෝ ස්වාධීන පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.
සාධාරණ පරීක්ෂණයකට ඇති එකම ඉඩකඩ ඇමැතිවරයා ධුරයෙන් ඉවත් වීම පමණක් බව ප්‍රකාශ කරන ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය
‘අමාත්‍යවරයාට තමන්ගේ තනතුරේ ගෞරවය රැකගනිමින් වහාම ඉල්ලා අස්වන ලෙස අප බලකර සිටිනවා. යම් හෙයකින් ඔහු තම කැමැත්තෙන් ඉල්ලා අස්වීමට කටයුතු නොකරන්නේ නම්, ජනාධිපති අනුර දිසානායක වහාම ක්‍රියාත්මක වී ඔහුව ධුරයෙන් පලවා හැරිය යුතුයි’.






