වීසා සහ ඊ-ගමන් බලපත්‍ර ගිවිසුම ගැන COPF වාර්තාව පාර්ලිමේන්තුවට

copf harsha 1200px

 ටිරාන් අලස් අමාත්‍ය ධුරය දරණ සමයේ සිදුවුණ මාර්ගගත වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර (e-Passport) අයදුම් කිරීමේ සේවා බාහිර පාර්ශ්වයකට ලබාදීම ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (කෝෆ්) වාර්තාව පසුගිය 12 වෙනිදා එම කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

එහිදී සභාව අමතමින් විවිධ අභියෝග සහ විරෝධතා මධ්‍යයේ මෙම වාර්තාව ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ සභාපතිවරයා තම විරෝධය නොතකා පාර්ලිමේන්තු මහලේකම්වරිය කාරක සභාවට කැඳවූ බවත්, ඒ සම්බන්ධයෙන් තමා දැඩි සමච්චලයටද ලක්වූ බවත් පැවසීය.

වාර්තාවේ සඳහන් පරිදි, වීසා අයදුම්පත් මාර්ගගතව භාරගැනීම සඳහා බලයලත් නියෝජිතයන් ලෙස GBS Technology Services සහ IVS Global-FZCO සමාගම්ද, තාක්ෂණික සහකරු ලෙස VF Worldwide Holdings Limited සමාගමද කටයුතු කර ඇත.

COPF කාරක සභාව පෙන්වා දෙන්නේ මෙම සේවා සැපයුම්කරුවන් තෝරාගැනීමේදී තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකිරීම නිසා රජයට මුදලට වටිනාම සේවාව ලබාගැනීම අඩාල වී ඇති බවයි.

මෙහිදී කාරක සභාව අනාවරණය කළේ, සේවා ගාස්තු සහ පහසුකම් ගාස්තු පිළිබඳ විනිවිදභාවයක් නොමැති වීම, දත්ත ආරක්ෂාව හා දත්ත කඩවීම් පිළිබඳ බරපතළ අවදානම් සහ ඒවා පිළිබඳ වැඩිදුර විමර්ශනයක අවශ්‍යතාව, සමාගම්වලට ලබාදී ඇති සුවිශේෂී බලතල හේතුවෙන් තරගකාරීත්වයට බාධා ඇතිවීම, ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ වාර්තාගත අරමුදල් ආයෝජනය නොවී පැවතීම සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නොමැති වීම ආදී කරුණු බරපතළ බවයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් වෝහාරික විගණනයක් කඩිනමින් අවසන් කරන ලෙස විගණකාධිපතිවරයාට එම කාරක සභාව නිර්දේශ කරන අතර එම විගණනයේ ප්‍රතිඵල මත අදාළ බාහිර සේවා ගිවිසුම අවලංගු කිරීම හෝ එහි වගන්ති සංශෝධනය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග සලකා බැලිය යුතු බවද ප්‍රකාශ කරයි.

තවද KPMG වාර්තාවද සමාලෝචනය කර, වීසා සහ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර පද්ධති හරහා හසුරුවන සියලු දත්තවල ආරක්ෂාව සහතික කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරිය කඩිනම් හා තීරණාත්මක පියවර ගත යුතු බව COPF කාරක සභාව සිය නිර්දේශ හරහා අවධාරණය කරයි.

මීට අදාළ අපගේ පෙර ලිපි – https://knews.lk/tiran-alles-e-visa-scandal-exposed-knews-investigations/

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...