එල් නිනෝ නිසා අසූ දහසකට වතුර නෑ

el nino srilanka knews

එල් නිනෝ නිසා ඇතිවී තිබෙන වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

දිස්ත්‍රික්ක 7ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23කට මෙම එල් නිනෝ බලපෑම එල්ල වී ඇති අතර එම තත්ත්වය නිසා පවුල් 25,628ක් පීඩාවට පත්ව ඇතැයි එම නිවේදනය ප්‍රකාශ කරයි. එම නිවේදනයට අනුව මෙම තත්ත්වයෙන් පීඩාවට පත් පුද්ගලයන් 72,153 දෙනෙකු වෙත මේ වන විටත් පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදු වෙයි.

මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 10,264කට අයත් පුද්ගලයින් 33,023 දෙනෙකු මෙම කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බව ප්‍රකාශ කරන එම වාර්තාව ඔවුන්ට ද පානීය ජලය සැපයීමට පියවර ගෙන ඇති බව පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පුද්ගලයින් 28,523 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, ඔවුන් වෙත ද පානීය ජලය බෙදා හැරෙන බව පවසන එම වාර්තාව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2ක පුද්ගලයින් 8,783 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ද, ඉන් පුද්ගලයින් 7,882 දෙනෙකු සඳහා පානීය ජලය සපයා ඇති බව ද ප්‍රකාශ කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2ක පුද්ගලයින් 7,876 දෙනෙක් ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2ක පුද්ගලයින් 2,646 දෙනෙක් ද එම වාර්තාවට අනුව පීඩාවට පත්ව සිටින අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 499ක් ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 515ක් ද පීඩාවට පත්ව ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...