[gtranslate]

එල් නිනෝට මූණ දෙන්න කමිටුවක්

el nino

ශ්‍රී ලංකාව මේ වන විට ‘එල් නිනෝ’ කාලගුණික අවධියකට ඇතුළු වී ඇති බැවින් ඉදිරි මාසවලදී දැඩි කාලගුණික විපර්යාසයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ අනුව, ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමට 63% ක සහ දුර්වල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමට 33% ක සම්භාවිතාවක් පවතින බවයි එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා ප්‍රකාශ කළේ. මෙම බලපෑම නිසා එළඹෙන අගෝස්තු මාසයේදී දිවයිනට ඉතා අඩු වර්ෂාපතනයක් ලැබුණත්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අධික වැසි සමඟ ගංවතුර අවදානමක් ඇති විය හැකියි.

පවතින තත්ත්වය හමුවේ ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති සංරක්ෂණය වෙනුවෙන් කෙටි, මධ්‍යම හා දිගුකාලීන උපායමාර්ග සකස් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කැබිනට් අනුකමිටුවක් සහ නිලධාරී කමිටුවක් පත් කර තිබේ.

මේ යටතේ ඉදිරි සති දෙක ඇතුළත තමන්ගේ ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කරන ලෙස සියලුම අදාළ අමාත්‍යාංශ සහ රජයේ දෙපාර්තමේන්තුවලට දැනටමත් නියෝග කර ඇත.

එමෙන්ම, මහජනතාව නොමඟ යෑම වැළැක්වීම සඳහා එල් නිනෝ තත්ත්වයට අදාළ සියලුම නිල තොරතුරු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා පමණක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය කර තිබේ.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

රතුමස් පරිභෝජනය අධෛර්යමත් කළොත් මොකද වෙන්නේ?

පසුගිය දවසක මරණයට කැපවූ අහිංසක ගවයෙකුට යළි ජීවය ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගත්තා. අපි හැවෝම මේක අගය කරනවා. සතෙකුට ජීවත් වෙන්න නිදහස දෙනවා කියන්නේ කොච්චර දෙයක් ද?. මේක සංවේදී අවස්ථාවක්. ඒත් අපි...

හිමගිර පාමුල

ගස් අතු ඉති සිරි සිරියක පැටලිලා. කඩේ පියැස්සෙන් බිමට විසි කරන වැසි දිය පුංචි දිය සීරා​වක පැටලිලා ගඟ හොයනවා. ඈතින් හිමගිර වසාගත්ත සුදු වළාකුළු වැස්ස වලාහක දෙවියන්ට තව තවත් ඇරයුම් කරනවා. දෙවියන්ගේ රටේ...

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...