පිළිකා රෝගී ජීවිත අනතුරේ.. රෝහල්වල ඖෂධ නෑ

chamal sanjeewa knews

පිළිකා ප්‍රතිකාර අතරතුර අඩුවෙන ප්‍රතිශක්තිය වැඩි කිරීමට සහ සුදු රුධිරාණු මට්ටම වැඩි කිරීමට භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ බොහෝමයක් රෝහල් තුළ හිඟ හෝ නැති තත්ත්වයක් උදාවී ඇතැයි ද, මේ නිසා පිළිකා රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්වී ඇතැයි ද වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරයි.

Neup, Neupogen, G-CSF සහ Filgrastim ඇතුළු ඖෂධ බොහෝමයක් රජයේ රෝහල් සතුව නැතැයි ද, එම තත්ත්වය තුළ එම ඖෂධ මත යැපෙන රෝගීන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි ද වෛද්‍යවරයා පවසයි.

G-CSF ඖෂධ ලෙස පොදුවේ හඳුන්වන මෙම ඖෂධ, සුදු රුධිරාණු නිෂ්පාදනය උත්තේජනය කිරීමට සහ ආසාදනවලට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව ඉහළ දැමීම සිදුකරන අතර, මෙවැනි ඖෂධ මෙන්ම සමහර කීමෝ ඖෂධ වර්ග පවා මේ අවස්ථාව වන විට රජයේ රෝහල් තුළ නැති තත්ත්වයක් වාර්තා වෙයි.

වෛද්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයට ආනයන ක්‍රියාවලියේදී ඇති වූ ගැටලුවක් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ තොග භාර ගැනීමට නොහැකි වී ඇති අතර, අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක පිළිකා ඖෂධ අඛණ්ඩව සැපයීම වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ සහතික කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කරයි.

ඔහු තවදුරටත් කියා සිටියේ, රජයේ රෝහල්වල පමණක් නොව පෞද්ගලික අංශයට ද මෙම ඖෂධ හිඟය අත්විඳින්නට සිදුව ඇති බවය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...