විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහය නිසා විනිසුරු සංගමය දෙකට කැඩේ..!

judges knews

අද (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීම පැවැත්විණි. එහිදී අගවිනිසුරුවරයාගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාමාජිකයින්ගේ අදහස් විමසීමට ලක් කෙරුණු අතර, එම යෝජනාවට අධිකරණ සේවා සංගමය එරෙහි විය යුතු බවට ඒකමතිකව සම්මත කරගන්නා ලදී. 

මෙම විශේෂ මහා සභා රැස්වීම පැවැත්වුණේ ඊට පෙර දින, එනම් ඊයේ (10) දිනයේ සංගමයේ සභාපති විනිසුරු පසන් අමරසේන මහතා සිය ධූරයෙන් සහ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ පසුබිමකය. අද පැවැත්වුණු මෙම රැස්වීම කෙසේ හෝ වැළැක්වීමට අගවිනිසුරු සූරසේන මහතාට සහය දෙන කණ්ඩායම දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වීමෙන් පසු සභාපතිවරයා මෙම පියවර ගත් බව එම සංගමයේ සමහර සාමාජිකයන්ගේ මතය වී ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් සාමාජිකත්වය ඇමතූ පසන් අමරසේන සඳහන් කර තිබුණේ අධිකරණ සේවා සංගමය යනු විනිසුරුවරුන්ගේ සුභසාධනය සහ ස්වාධීනත්වය වෙනුවෙන් සම්ප්‍රදායන් මත ක්‍රියාත්මක වන සංගමයක් මිස වෘත්තීය සමිතියක් නොවන බවයි. 

ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ ආකාරයෙන් ලේකම්වරයා ප්‍රමුඛ විධායක කමිටුව සංගමය අපකීර්තියට පත් කරමින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහි පාර්ශවයන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන බවට ඔහු එහිදී බරපතල චෝදනාවක් එල්ල කළේය. 

සාම්ප්‍රදායිකව මෙවැනි විශේෂ රැස්වීම් කැඳවීමට පෙර අධිකරණ සේවා කොමිෂන් සභාවේ එකඟතාව ලබාගත යුතු වුවත් විධායක කමිටුව එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ඔහු කියා සිටියේය. 

එමෙන්ම රැස්වීමක් පැවැත්වීමට නම් සමස්ත සාමාජිකත්වයෙන් 1/3 ක එනම් සාමාජිකයින් 86 දෙනෙකුගේ සහභාගිත්වය තහවුරු විය යුතු වුවද, ඊයේ උදෑසන වන විට සහභාගිත්වය තහවුරු කර තිබුණේ සාමාජිකයින් 46 දෙනෙකු පමණක් බැවින් මෙම රැස්වීම නීත්‍යානුකූල නොවන බව ඔහු පෙන්වා දුන්නේය. 

ලේකම්වරයා විසින් විධායක කමිටු රැස්වීම් සටහන් ව්‍යාජ ලෙස වෙනස් කර ඇති බවත්, කඩුවෙල අධිකරණ ශාලාව භාවිතා කිරීමට කොමිෂන් සභාවේ අවසරය ගෙන නොමැති බවත් පවසමින්, මෙවැනි නීති විරෝධී රැස්වීමක මුලසුන දැරීමට තමාට නොහැකි නිසාත්, කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි විධායක කමිටුවකට තවදුරටත් නායකත්වය දීමට අකමැති නිසාත් වහාම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ඔහු එම ලිපියේ අවධාරණය කර තිබුණි.

හිටපු සභාපතිවරයා ඊයේ නිකුත් කළ මෙම දීර්ඝ ලිපියට සහ එහි අන්තර්ගත සියලුම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්, අද පැවැත්වුණු රැස්වීමට පැය කිහිපයකට පෙර අධිකරණ සේවා සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ, සාමාජිකයින් වෙත විශේෂ පණිවිඩයක් යොමු කළේය. 

හිටපු සභාපතිවරයා එල්ල කළ සියලුම චෝදනා සංගමයේ විධායක කමිටුව වෙනුවෙන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම හෝ විරෝධතාවන් නොතකා, විධායක කමිටුව ගත් මුල් තීරණය පරිදිම විශේෂ මහා සභා රැස්වීම නියමිත පරිදි අද (11) පෙරවරු 10:00 ට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී අනිවාර්යයෙන්ම පවත්වන බව ඔහු සාමාජිකයින්ට දැනුම් දී තිබුණි

එමෙන්ම මෙම රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත සංගමය විසින් නිල වශයෙන් යොමු කරන ලද ලිපි දෙකක පිටපත් ද ලේකම්වරයා විසින් සියලුම සාමාජිකයින්ගේ දැනගැනීම පිණිස එහිදී ප්‍රසිද්ධ කර තිබුණි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...