NPP ය ජනමතය උරගා බලන්න ලෑස්තියි..!

anura-harini-knews

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයකට යෑමට සිදුවුවහොත් ඒ සඳහා තම කණ්ඩායම සූදානම් බව ජාතික ජන බලවේගයේ ප්‍රබලයෙක් අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් නැතිදැයි ඇසූ ප්‍රශ්නයක් හමුවේ ඔහු ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි නීතිමය බාධකයක් තිබෙන බවයි. තම පක්ෂයට ජනතා ප්‍රසාදය තවමත් එක සේ තිබෙන බව ප්‍රකාශ කරන එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 22 වැනි සංශෝධනය වෙනුවෙන් ජනමත විචාරණයකට වුවත් යෑමට තම පක්ෂය සූදානම් බවය.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 05 වැනිදා සිට සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජන රැළි මාලාවක් සංවිධානය කරමින් පවතින බවත්, ඊට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක බවත් ඔහු ප්‍රකාශ කළේය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...