22 වැනි සංශෝධනයට පක්ෂ-විපක්ෂ පෙත්සම් ගොනු කිරීමේ කාලය අදින් අවසන්

gemini generated image nrt331nrt331nrt3

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීම සඳහා ලබා දී ඇති කාලය අද (31) දිනයෙන් අවසන් වන බව වාර්තා වෙයි.

මෙම නව ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය ඉදිරිපත් කිරීමට පෙර සිටම ඊට විශාල විරෝධයක් රට තුළ ඇති විය.

මේ වන විට යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, අද (31) උදෑසන වන විට මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 27ක් ද, ඊට පක්ෂව පෙත්සම් 3ක් ද ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට දිගින් දිගටම විරුද්ධ වූ පාර්ශ්වයෙන් නැගෙන චෝදනාව වූයේ, වත්මන් අගවිනිසුරුවරයා තම ධුරයේ තවත් අවුරුදු දෙකක් රඳවා ගැනීම සඳහා ආණ්ඩුව මෙම සංශෝධනය ගෙන එන බවයි. ඊට ප්‍රතිචාර ලෙස ආණ්ඩු පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ, අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව නැංවීම සඳහා මෙම යෝජනාව ගෙන ආ බවයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...