ගෝල වැස්සක් සමඟ එංගලන්තය තෙවන ස්ථානය දිනයි..!

football fifa 2026 knews saka

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය තෝරා ගැනීමේ තීරණාත්මක තරගය අතිශය උද්වේගකර අයුරින් අද උදෑසන නිමාවට පත්වුණේ ප්‍රබල ප්‍රංශ කණ්ඩායම ගෝල 6ට 4ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ තෙවන ස්ථානය එංගලන්තයට හිමිකර දෙමින්.

මෙම තරගයේදී දෙපිලෙන්ම සම්පූර්ණ ගෝල 10ක් වාර්තා වීම පාපන්දු ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි. තරගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ එංගලන්ත ක්‍රීඩකයෝ තරගයේ තෙවන විනාඩියේදීම සිය මංගල ගෝලය වාර්තා කරමින් ප්‍රංශ ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළහ.

football fifa 2026 knews 1

එම විශිෂ්ට ගෝලය ඩික්ලැන් රයිස් විසින් ලබා ගත් අතර එම ජවයෙන්ම ක්‍රියාත්මක වූ එංගලන්ත ක්‍රීඩකයින් තරගයේ 18 වන විනාඩියේදී තවත් ගෝලයක් වාර්තා කළේය. එම ගෝලය ඉසරි කොන්සා වාර්තා කළ අතර ප්‍රථම අර්ධය අවසන් වීමට පෙර, එනම් 37 වන විනාඩියේදී ක්‍රියාත්මක වූ තරුණ ක්‍රීඩක බුකායෝ සාකා එංගලන්තයේ ලකුණු පුවරුව ගෝල 3-0 ක් ලෙස ඉහළ නැංවීය.

දෙවන අර්ධය ආරම්භ වී පළමු විනාඩිය ගතවෙද්දීම, එනම් 46 වන විනාඩියේදී සාකා සිය දෙවන ගෝලය ද වාර්තා කළේ එංගලන්ත ජයග්‍රහණය තවදුරටත් තහවුරු කරමිනි. කෙසේ වෙතත්, ලෝක කුසලාන ඉතිහාසයේ කිසිදා ලෙහෙසියෙන් පරාජය භාර නොගන්නා ප්‍රංශය ඉන්පසු සිය ආක්‍රමණය ආරම්භ කළේය.

ප්‍රංශය වෙනුවෙන් ඉදිරියට ආ සුපිරි ක්‍රීඩක කෙලියන් එම්බාපේ 48 වන විනාඩියේදී ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කළේය. ඉන් නොනැවතුණු බ්‍රැඩ්ලි බර්කෝලා 54 වන විනාඩියේදීත්, නැවතත් ක්‍රියාත්මක වූ එම්බාපේ 66 වන විනාඩියේදීත් ගෝල රැස් කරමින් තරගයේ තියුණු බව උපරිම තලයකට ගෙන ආහ. ඒ වනවිට තරගයේ ලකුණු තත්ත්වය 4-3 ක් ලෙස සටහන් විය.

football fifa 2026 knews enl

ප්‍රංශයේ මෙම දැවැන්ත නැගී සිටීම හමුවේ එංගලන්ත ක්‍රීඩකයෝ සිය ආරක්ෂාව මෙන්ම ප්‍රහාරයද තර කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 87 වන විනාඩියේදී එංගලන්තයට දඬුවම් පහරක් හිමි වූ අතර, එය අතිශය සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කිරීමට බුකායෝ සාකා සමත් විය. ඒ සමගම ඔහු මෙම තරගයේදී සිය අගනා ‘හැට්‍රික් ගෝල වාර්තාව ද සම්පූර්ණ කළේ එංගලන්ත රසිකයින් අමන්දානන්දයට පත් කරමිනි.

තරගයේ නියමිත කාලය අවසන් වී ලබාදුන් අතිරේක කාලයේ 96 වන විනාඩියේදී ඖස්මන් ඩෙම්බෙල් ප්‍රංශය වෙනුවෙන් 4 වන ගෝලය ලබා ගනිමින් සටන්කාමී බව පෙන්වීය. එහෙත් තරගයේ 98 වන විනාඩියේදී ජූඩ් බෙලිංහැම් එංගලන්තය වෙනුවෙන් 6 වන ගෝලය වාර්තා කරමින් ඔවුන්ගේ ජයග්‍රහණය ස්ථිර කළේය.

ඒ අනුව, ප්‍රබල ප්‍රංශය හමුවේ ගෝල 6-4 ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් එංගලන්තය 2026 පාපන්දු ලෝක කුසලානයේ ලොව තෙවන හොඳම කණ්ඩායම ලෙස අභිසෙස් ලැබීය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...