ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ උද්ගත කැළඹිලි ස්වභාවයක් නිසා බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පලාත් වල අහස වලාකුළින් බරව පවතින බවත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්ත්වය නිසා දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ප්‍රකාශ කරන එම දෙපාර්තමේන්තුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ප්‍රකාශ කරයි.
මෙම වැසි තත්ත්වය නිසා තාවකාලිකව ඇතිවිය හැකි තද සුළංවලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.






