[gtranslate]

රුපියල් බිලියන 340 ගැන මහ බැංකුවට උත්තර දෙන්න වෙයි..!

harsha ravi knews

මෙරට සතු මුදල් රුපියල් බිලියන 340ක් වාණිජ බැංකු 13ක් හරහා බැංකු ගිණුම් 227ක් භාවිතයෙන් වසර දෙකක කාලයක් තුළ වංචනිකව රටින් පිටකළේ කෙසේදැයි ශ්‍රී ලංකා මහ බැංකුව ආදී මීට වගකිව යුතු ආයතන කෝප් කමිටුව වෙත ගෙන්වා ප්‍රශ්න කළ යුතු යැයි ඉල්ලා සිටිමින් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පසුගිය දා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත ලිපියක් යොමුකළ අතර එම ඉල්ලීමට එකඟ වෙමින් ලබන සතියේ දිනෙක මහ බැංකුව ආදී අදාළ ආයතන, මේ පිළිබඳව විමසීමට පාර්ලිමේන්තුව වෙත කැඳවනු ඇතැයි වාර්තා වෙයි.

මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය බුද්ධි ඒකකය හට බැංකු පද්ධතිය නිරීක්ෂණය කිරීම, අවදානම් හඳුනා ගැනීම සහ ජාත්‍යන්තර මුදල් ප්‍රවාහයන් අධීක්ෂණය කිරීමට පුළුල් නීතිමය බලතල තිබෙන තත්ත්වයක් තුළ, වසර දෙකක කාලයක් තුළ රුපියල් බිලියන 340ක් මෙසේ රටෙන් පිටවුණේ කෙසේද සහ එය හඳුනාගැනීමට මහ බැංකුවට නොහැකිවීම ව්‍යුහාත්මකව පිළිගත නොහැකි බව මෙම ලිපිය මගින් ප්‍රකාශ කරන හිටපු මුදල් අමාත්‍යවරයා, මෙය අතිශය බරපතළ ප්‍රශ්නයක් බවත් එමගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ අසාර්ථකත්වය පෙන්වන බවත් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මෙම සිද්ධියට අදාළ වාණිජ බැංකු 13හි ප්‍රධාන අනුකූලතා නිලධාරීන් මෙන්ම කෝෆ් කමිටුවෙහි බලතල යටතේ අවශ්‍ය යැයි සැලකෙන වෙනත් රාජ්‍ය හෝ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ප්‍රධානීන්, මුදල් කමිටුව වෙත ගෙන්වා මේ පිළිබඳව වහාම ප්‍රශ්න කළ යුතු යැයි මුදල් කමිටුවේ සභාපතිවරයාට යවනු ලැබූ ලිපිය මඟින් හිටපු මුදල් අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...