ඒත් මාධ්‍ය හමුවේදී නලින්ද සුපුරුදු පරිදි බොරු කිව්වා. පිළිකා රෝහලේ බල නහර කපාගන්න බැරි කමට බොරු කියනවා. කෙහෙළිය පවා ඒ කාලේ මාධ්‍ය සාකච්ඡාවල බොරු කිව්වා. අපිට තර්ජන කළා. ස්වභාවධර්මය අද කෙහෙළියට දඬුවම් දෙනවා. තීන්දුව එනවා තව සති කීපයකින්. මහ පොළොවේ මිනිසුන්ගේ වේදනාව ඒ බොරු වලින් වහන්න බෑ.
ඖෂධ නැති නිසා ලක්ෂ ගණනක් වියදම් කරන පිළිකා රෝගියෙක්
මේ ගර්භාෂය හා ඩිම්බකෝෂ ආශ්රිත පිළිකා රෝගී තත්ත්වයක් නිසා මහරගම අපේක්ෂා රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා 45 හැවිරිදි කාන්තාවකගේ දුකයි. ඖෂධ ඇති තරම් තියෙනවා යැයි කිව්වට, ඖෂධ නොමැති නිසාත්, එම ඖෂධ මිලදී ගැනීමට මුදල් නොමැති නිසාත් ඇය විඳින දුක මෙහිදී අවධානයට ගත යුතුය. මේ සමඟ ඇති බිල්පත සහ බෙහෙත් කාඩ්පත ඊට හොඳම උදාහරණයයි. අපේක්ෂා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය T. Skandarajah මහතා විසින් Topotecan 2.5mg එන්නත නිර්දේශ කර ඇත. රෝහල තුළ මෙම ඖෂධය නොමැති නිසා රෝගියාට එය පිටත ෆාමසියකින් මිලදී ගැනීමට සිදුවී ඇත.
වයල් 06කට රුපියල් 150,000ක්
මහරගම අරුණා ෆාමසියෙන් එක් වයල් එකක් රුපියල් 25,000 බැගින් වයල් 06ක් සඳහා රුපියල් 150,000ක් ගෙවා තිබේ. එම ගෙවීම සිදු කර ඇත්තේ 2026 අගෝස්තු 25 වැනිදාය. සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා මෙම මුදල ගෙවා තිබේ. මේ ආකාරයෙන් මාසයකට රුපියල් 75,000ක් පමණ වැය කිරීමට සිදුවීමෙන් අද වන විට එම පවුලට කෑම බීම සඳහා පවා මුදල් නොමැති තත්ත්වයකට පත්ව ඇති බව ඇය පවසයි. ගෙදර, යාන වාහන, ඉඩකඩම් සියල්ලම විකුණා දමා ඇත.ජීවිත කාලය පුරාම මේ ආකාරයෙන් මාසයකට රුපියල් 75,000ක් බැගින් ඖෂධ සඳහා වැය කරමින් ජීවත් වන්නේ කෙසේද යන ප්‍රශ්නයට අද එම කාන්තාව මුහුණ දී සිටී.

පිළිකාවෙන් මිය යනවාද? නැත්නම් බෙහෙත් ගන්න දරුවන්ගේ කෑමත් නවත්වනවාද?
පිළිකාවෙන් මිය යනවාද, නැත්නම් දරුවන්ට උගන්වන්නේ නැතුව, කන්න බොන්නවත් නොදී බෙහෙත් ලබාගෙන ජීවත් වෙනවාද යන්න තීරණය කිරීමට සිදුවන තත්ත්වයක් මේ රටේ මිනිසෙකුට උදා වීම කොතරම් ඛේදවාචකයක්ද? දවසේ කුලී වැඩ කර ජීවත් වන මිනිසෙකුට හෝ අහිංසක රාජ්‍ය නිලධාරියෙකුට, අහිංසක පවුලකට රුපියල් ලක්ෂ එකහමාරක් යනු සිහිනයක් පමණි.
Topotecan යනු කුමක්ද?
Topotecan යනු ජීවිතාරක්ෂක රසායනික චිකිත්සා (Chemotherapy) ඖෂධයකි. මෙය Topoisomerase inhibitor වර්ගයේ ඖෂධයකි. එනම් පිළිකා සෛල බෝවීම නවත්වන ඖෂධයකි. ප්‍රධාන වශයෙන් ගැබ්ගෙල පිළිකා (Cervical Cancer), ඩිම්බකෝෂ පිළිකා (Ovarian Cancer) සහ සුළු සෛල පෙනහළු පිළිකා (Small Cell Lung Cancer) සඳහා මෙය භාවිතා කරයි. මෙය අත්‍යවශ්‍ය, ප්‍රමාද කළ නොහැකි ප්‍රතිකාරයක් ලෙස සැලකේ. නියමිත දිනට ප්‍රතිකාරය නොලැබුණහොත් රෝගියාගේ තත්ත්වය බරපතළ විය හැකි අතර, ජීවිතයට දැඩි අවදානමක් ඇතිවිය හැකිය.
රජයේ රෝහලේ නොමිලේ ලැබිය යුතු ඖෂධ පිටතින් මිලදී ගන්නේ ඇයි?
පිළිකාව වැනි මාරාන්තික රෝගයකින් පෙළෙන රෝගීන්ට රජයේ රෝහලෙන්ම නොමිලේ ලැබිය යුතු ඖෂධ පිටතින් අධික මිලට ගැනීමට සිදුවීම අසාධාරණය. නිලධාරීන් සීතල කාමරවලින් බිමට බැසිය යුතුය. ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා මුදල් ලබා දෙන බව කියන්නේ නම්, මේ ආකාරයෙන් මිනිසුන්ට තමන්ගේ සාක්කුවෙන් මුදල් ගෙවා ඖෂධ මිලදී ගැනීමට සිදුවන්නේ ඇයි? වරද කුමක්දැයි සොයා බැලිය යුතුය. සුපුරුදු පරිදි දුර්වල පරිපාලනයට සහ කළමනාකරණයට මුවා වී ප්රශ්නය යටපත් නොකර, මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව සොයා ඊට වගකිව යුතු පාර්ශ්ව සම්බන්ධයෙන් පියවර ගත යුතුය.
මාධ්‍ය සාකච්ඡාවලින් මහ පොළොවේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ
උද්දච්ච මාධ්‍ය සාකච්ඡාවලින් මහ පොළොවේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. වෙබ් අඩවි බ්ලොක් කළාට මිනිසුන්ගේ වේදනාව බ්ලොක් වෙන්නේ නැත. ඔබලා මොන තර්ජන කළත් අපි දිගටම මේවා හෙළි කරනවා. කුමන හෝ රටක දුප්පත්කම නිසා මිනිසුන් මැරෙනවා නම් එය ඛේදවාචකයකි. දුප්පත්කම නිසාම මිය යන රෝගීන් සංඛ්‍යාව තව තවත් වැඩි නොවිය යුතුය. රෝගියාට ඖෂධ නොමැතිව මිය යාමට ඉඩ නොතබන්න.
“අනුර, මේ කාන්තාවට මාසෙකට රුපියල් 75,000ක් දෙන්න”
වසර 76ක සාපය තුළ මේවා සිදුවුණත්, දැන් මේවා සිදුවිය නොහැක. අනුර, උතුරන භාණ්ඩාගාරයෙන් මාසයකට රුපියල් 75,000ක් මේ කාන්තාවට දෙන්න. මේ ආකාරයෙන් බෙහෙත් මිලදී ගැනීමට මුදල් නොමැතිව දුක් විඳින මිනිසුන් ගැන නිලධාරීන් යොදවා සොයා බලන්න.
කොත්තමල්ලි බීලා පිළිකා හොඳ වෙන්නේ නෑ!!
— වෛද්‍ය චමල් සංජීව




