බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ද නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.
අද (06) රාත්‍රි 10.20ට පමණ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති අතර ඒ අනුව බන්ධනාගාර පරිපාලනය විසින් වහාම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය බන්ධනාගාරය වෙත කැඳවා ඇතැයි වාර්තා වෙයි.
මැගසින් බන්ධනාගාරයේ ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇති අතර මෙම තත්ත්වයට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව වාර්තා වෙයි.
රාත්‍රී 11.30 පමණ වනවිට තත්ත්වය යම් තරමක් දුරට පාලනය කර ඇතැයි පොලීසිය පවසයි.






