සතුන්ට හිංසා කළොත් වසර 2ක සිරදඬුවම්…!

dog rights

සතුන්ට හිංසා කළ බවට අධිකරණ ක්‍රියාවලියක් තුළ සනාථ වන්නේ නම්, එම පුද්ගලයාට රුපියල් 250,000 දක්වා දඩයක් හෝ වසර දෙකක් දක්වා සිර දඬුවම් ද, එසේ නොමැති නම් මෙම දඬුවම් දෙකම ලබාදිය හැකි නව නීතියක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියා කරමින් ඇතැයි වාර්තා වෙයි.

ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම නීති සංශෝධනය මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව මෙම නව නීති සම්මත වන්නේ නම් ඒ මගින් සියවසක් පැරණි සත්ව හිංසනය වැළැක්වීමේ ආඥාපනත වෙනුවට කෲරත්වය වැළැක්වීම සහ සත්ව සුබසාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නීතිමය රාමුවක් සකස් වනු ඇත.

මෙම නව නීති සංශෝධනය යටතේ සතුන්ට පහර දීම, වධහිංසා පැමිණවීම, අධික ලෙස බෝ කිරීම, අතහැර දැමීම හෝ හිතාමතාම ඔවුන්ට ආහාර, ජලය හෝ නවාතැන් අහිමි කිරීම වරදක් වනු ඇති අතර, ඔවුන්ට සංචරණයට නිසි ඉඩක් ලබා නොදීම ද, හිංසනයක් සිදුවන ආකාරයට කොටු කර තැබීම ද දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත.

කුරිරු ආකාරයකින් සතෙකු මරා දැමීම මෙන්ම චේතනාන්විතව ගැබිනි සතෙකු මරා දැමීම හෝ විකිණීම සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක් මෙම නීතිය යටතේ වරදකරු වූ විට, ඔහුට රුපියල් 500,000 දක්වා දඩයක් පැනවීම හෝ අවුරුදු තුනේ සිට හතර දක්වා සිර දඬුවම් නියම කිරීම හෝ සිදු කරනු ඇත.

යෝජිත නව නීතිය යටතේ ඇති සියලුම වැරදි සංඥය වැරදි (වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි) වන අතර, ඒ අනුව පොලිසියට වරෙන්තුවක් නොමැතිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ලැබෙන බව ද ප්‍රකාශ වෙයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...