හදිස්සියේ කපපු වතුර ඉක්මනින් දෙයි..!

water srilanka knews

කැලණි ගඟේ ජලය ලබාගන්නා ස්ථානයේ, ජලයේ ගුණාත්මක තත්ත්වයට බලපෑ හදිසි හේතුව ඉවත් කිරීමෙන් පසුව, පිරිපහදු කිරීම සඳහා ජලය පොම්ප කිරීමට පටන් ගත් බවත් ඒ අනුව හදිස්සියේ තාවකාලිකව අත්හිටුවූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට පත් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව මෙම හදිසි තත්ත්වය කළමනාකරණය කළ බව එම මණ්ඩලය ප්‍රකාශ කරන අතර ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශ මත, ජලය බෙදාහැරීම නැවත ආරම්භ කිරීමට පෙර එහි ගුණාත්මක තත්ත්වය පිළිබඳව රසායනාගාර පරීක්ෂණයක් ද සිදුකර ඇත. එහි ප්‍රතිපල අනුව ජලය නියමිත ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කරගත් බව ප්‍රකාශ කරන එම මණ්ඩලය, ඒ අනුව ජලය බෙදාහැරීම නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කරයි.

මේ අනුව ජල පවිත්‍රාගාර ආසන්නයේම පිහිටි ප්‍රදේශ සඳහා ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට පත් වනු ඇති අතර බත්තරමුල්ල, කෝට්ටේ, නාවල සහ නුගේගොඩ ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වීමට සැලකියයුතු කාලයක් ගතවෙනු ඇතැයි ප්‍රකාශ වෙයි.

ජනතාවට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීම සඳහා සඳහා ‘1939’ යන දුරකථන අංකය භාවිතා කළ හැකිය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...