සටන් විරාමය බිඳ වැටේ – මැදපෙරදිග යුද ගිනි

Iran America knews

ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය උත්සන්න වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ සිටින ඇමරිකානු පුරවැසියන් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 

දෙපාර්ශවය අතර පසුගිය මාසයේ අත්සන් කරන ලද කරුණු 14 කින් යුත් අන්තර්කාලීන අවබෝධතා ගිවිසුම පසුගිය සතියේ බිඳ වැටීමත් සමඟ මෙම ගැටුම්කාරී වටපිටාව නිර්මාණය වී තිබේ. කලාපයේ ආරක්ෂක තත්ත්වය ශීඝ්‍රයෙන් සංකීර්ණ වෙමින් පවතින බැවින්, ගුවන් ගමන් අවලංගු වීමේ අවදානමක් පවතින බවත්, මැදපෙරදිගින් පිටත වුවද ඉරාන හිතවාදී කණ්ඩායම්වලින් ඇමරිකානු පුරවැසියන්ට තර්ජන එල්ල විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

පසුගිය සතියේ සිට දෙපාර්ශවයම ප්‍රහාර තීව්‍ර කර ඇති අතර ජෝර්දානයේ පිහිටි ඇමරිකානු කඳවුරකට එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානු හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු අතුරුදහන් වී ඇත. මීට අමතරව කුවේට් සහ බහරේන් හි පිහිටි ඇමරිකානු මිලිටරි මධ්‍යස්ථාන මෙන්ම කුවේට් තෙල් පිරිපහදුවක් ද ඉරාන ප්‍රහාරවලට ලක්ව ඇති අතර, සවුදි අරාබිය තුළ ද ප්‍රහාර බිය හේතුවෙන් හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.

ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකාව දිගින් දිගටම ගිවිසුම් උල්ලංඝනය කිරීම තුළින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන කිසිදු වටිනාකමක් නැති එකක් බවට ඔප්පු කර ඇති බවයි. ඇමරිකාව තවදුරටත් ගැටුම් උත්සන්න කරන්නේ නම්, ඉරානය සතුව ද අමතක නොවන පාඩම් ඇති බවට ඔහු අනතුරු ඇඟවීය. 

යුධ උණුසුම හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බලශක්ති සැපයුමට බාධා එල්ල වෙමින් පවතින අතර ලෝක වෙළඳපොළේ තෙල් මිල ද 4% කට වඩා ඉහළ ගොස් ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...