හිටපු පොලිස්පති වෙඩි ප්‍රහාරයකින් මරුට | සියදිවි නසාගත්තා දැයි සැක..!

former igp sri lanka cd wickramaratne death knews 1

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තලාහේනේ ඔහුගේ නිවසේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල සහිතව සොයාගත් බව සහ මෙය සියදිවි හානිකර ගැනීමක් විය හැකි බවට සැකයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් ප්‍රකාශ කරයි.

ඒ අනුව වයස 63ක් වන හිටපු පොලිස්පතිවරයා මියගොස් ඇත්තේ තම සේවා ගිනිඅවියෙන් සිදුවූ මාරාන්තික වෙඩි වැදීමක් නිසා බව වාර්තා වෙන අතර, මේවනවිට ඔහුගේ දේහය මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර ඇත.

1986 වසරේදී පරිවාස සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා, විශ්‍රාම ගියේ ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙසය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු, 2020 නොවැම්බර් 28 වැනිදා නිල වශයෙන් පොලිස්පති ධුරයට පත්වීමට පෙර, 2019 අප්‍රේල් 28 වැනිදා සිට වසරකට වැඩි කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අතර 2023 නොවැම්බර් 27 වැනිදා එම ධුරයෙන් නිල වශයෙන් විශ්‍රාම ගත්තේය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...