ව්‍යවස්ථාවේ 22 සංශෝධනය එයි..!

22th constitution knews

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වෙනි වගන්තිය සංශෝධනය කිරීම සඳහා 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නට අවශ්‍ය කටයුතු ඉක්මනින් සිදුවෙමින් ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් මෙන්ම නීති ප්‍රජාව දෙසින් එන ආරංචි මාර්ගයන් වලින්ද දැනගන්නට ලැබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස සංශෝධනය කිරීම මෙම නව ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වෙන අතර ඒ අනුව දැනට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 සිට 67ක් දක්වා දීර්ඝ කිරීමටත් අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 සිට 65 දක්වා දීර්ඝ කිරීමත් මෙමගින් සිදුවෙනු ඇති බව වාර්තා වෙයි.

1978 ගෙන එන ලද වර්තමාන ව්‍යවස්ථාව මේ වනවිට 21 වතාවක් සංශෝධනයන්වලට ලක්කර ඇතැයි ද එයින් 16 වතාවක්ම ව්‍යවස්ථාව සංශෝධනය කර ඇත්තේ රාජ්‍ය නායකයාගේ පුද්ගල අභිලාෂයන් මුදුන් පමුණුවා ගන්නට බවද ප්‍රකාශ කරන අනිද්දා ඩිජිටල් හි ප්‍රධාන සංස්කාරක සහ නීතිඥ කේ ඩබ්ලිව් ජනරංජන වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම සංශෝධනයේ අරමුණ ලබන දෙසැම්බරයේ විශ්‍රාමය යන්නට ඉන්න වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ධුර කාලය තව අවුරුදු දෙකකින් දීර්ඝ කරගැනීම බවයි.

ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ මෙම උත්සාහය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබෙන අතර කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය, බදුල්ල නීතිඥ සංගමය ආදී නීතිඥ සංගම් ද සිය විරෝධය පළ කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයද ජනාධිපතිවරයා වෙත සිය විරෝධය පළකර ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රකාශ කර ඇත්තේ යම් හෙයකින් මෙම සංශෝධනය සම්මත කරගන්නට වර්තමාන රජය කටයුතු කළහොත් එය වැරදි පූර්වාදර්ශයක් වෙනු ඇති බවයි. එමෙන්ම එය අධිකරණයේ පාලනයට සහ ස්වාධීනත්වයට මරු පහරක් වෙනු ඇති බවත් ඔවුන් අවධාරණය කරයි.

මෙම විරෝධතා පැවතියත් තුනෙන් දෙකක බලයක් හිමි ආණ්ඩුව මෙම නව ව්‍යවස්ථා සංශෝධනය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන එමින් එය සම්මත කරගැනීම සඳහා කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...