22 එපා – ජනපති හමුවෙන්න කලින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි

judges retirement age extension lower courts sri lanka knews

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටින අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට කර ඇති යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුවම බලපානු ඇති බවට අනතුරු අඟවා ඇත.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අද (12) දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවකට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම නිවේදනය නිකුත් කළේය.

අගෝස්තු 7 වැනිදා ගැසට් කරන ලද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ල පළකරන බව ප්‍රකාශ කරන එම සංගමය මෙම සංශෝධනයේ අරමුණ නඩු විභාග කිරීම් කඩිනම් කිරීම සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම බවට රජය දක්වන මතය ප්‍රශ්න කරයි.

එම සංගමයට අනුව, ඉහළ උසාවි විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ නඩු ප්‍රමාදය වැළැක්වීම අතර කිසිදු බැඳීමක් නැත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...