[gtranslate]

මයිකල්; ඩොලර් බිලියනයේ සීමාවට..!

michael knews

“King of Pop” නමින් ලෝප්‍රකට මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය කළ ‘Michael’ චිත්‍රපටය, ලොව සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් ජීවනකථා චිත්‍රපටය බවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

විදෙස් සිනමා වාර්තාවලට අනුව, Antoine Fuqua අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මේ වනවිට ලොව පුරා සිනමාහල්වලින් ඇමෙරිකානු ඩොලර්මි ලියන 977.4ක ආදායමක් උපයා ඇති අතර, මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ Christopher Nolanගේ ‘Oppenheimer’ චිත්‍රපටයේ ඩොලර් මිලියන 975.8ක ආදායම අභිබවා ගොස් තිබේ.

‘Michael’ චිත්‍රපටය මෙම වාර්තාවට පැමිණීමට පෙරද තවත් කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කර තිබුණි. එනම්, 2018 වසරේ තිරගත වූ Queen සංගීත කණ්ඩායමේ කතාව ඇතුළත් ‘Bohemian Rhapsody’ චිත්‍රපටය අභිබවා යමින් ලොව වැඩිම ආදායමක් ඉපැයූ සංගීතමය ජීවනකථා චිත්‍රපටය බවට පත්වීමයි.

‘Michael’ චිත්‍රපටය සංගීතමය ජීවනකථා චිත්‍රපට අතර පමණක් නොව, සැබෑ පුද්ගලයන්ගේ ජීවිත පාදක කරගනිමින් නිර්මාණය වූ සියලුම චිත්‍රපට අතර වැඩිම ආදායමක් උපයාගත් නිර්මාණය ලෙස මේවනවිට සිනමා ඉතිහාසයට එක්ව තිබේ.

මෙම චිත්‍රපටය මගින් මයිකල් ජැක්සන්ගේ ළමා කාලයේ සිටම ඔහු ලෝක සංගීත ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ටම තරුවක් බවට පත්වූ ආකාරය විස්තර කෙරේ. මෙම චිත්‍රපටිය මයිකල් ‘Jackson 5’ සංගීත කණ්ඩායම හරහා කුඩා වියේ ගායකයෙකු ලෙස ආරම්භ කළ ගමන, ‘Off the Wall’, ‘Thriller’ සහ ‘Bad’ වැනි ලෝකප්‍රකට ඇල්බම් හරහා ගෝලීය සංගීතයේ විප්ලවයක් ඇති කළ ආකාරය සිනමාමය ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කර ඇත.

විශේෂත්වයක් වන්නේ මයිකල් ජැක්සන්ගේ චරිතයට පණ පොවන්නේ ඔහුගේම සැබෑ බෑණා වන ‘Jaafar Jackson’ වීමයි. ඔහුගේ රංගනය විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේද දැඩි අවධානයට ලක්ව ඇති අතර, මයිකල්ගේ චලන, නර්තන ශෛලිය සහ හඬ ඉදිරිපත් කිරීම පිළිබඳව විශාල ප්‍රශංසාවක් හිමිව තිබේ.

2026 අප්‍රේල් මාසයේදී තිරගත වූ ‘Michael’ චිත්‍රපටය ප්‍රථම සති අන්තයේදීම ලොව පුරා ඩොලර් මිලියන 217කට අධික ආදායමක් උපයා ගනිමින් ජීවනකථා චිත්‍රපටයක විශාලතම ආරම්භක ආදායමද වාර්තා කළේය.

උතුරු ඇමෙරිකාවේ පමණක් එය ඩොලර් මිලියන 97කට අධික ආදායමක් උපයා ගත් අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළවලින්ද අතිවිශාල ප්‍රතිචාරයක් හිමි විය. මෙම චිත්‍රපටය Lionsgate චිත්‍රපට සමාගමේ ඉතිහාසයේ වඩාත්ම සාර්ථක චිත්‍රපටය බවටද පත්ව තිබේ.

2013 වසරේ නිකුත් වූ ‘The Hunger Games: Catching Fire’ චිත්‍රපටය සතු වාර්තාවද පසුකරමින් ‘Michael’ සමාගමේ වැඩිම ආදායම් උපයාගත් නිර්මාණය බවට පත්ව ඇති අතර, Universal Pictures ජාත්‍යන්තර බෙදාහැරීම හරහාද විශාල වාණිජ සාර්ථකත්වයක් හිමි කරගෙන ඇත.

චිත්‍රපටය වාණිජමය වශයෙන් දැවැන්ත සාර්ථකත්වයක් ලැබුවද, විචාරකයන්ගේ අදහස් සම්පූර්ණයෙන්ම ඊට සපුරා වෙනස් ය.

ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ මයිකල් ජැක්සන්ගේ සංගීත ජීවිතය ඉතාමත් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කළද, ඔහුගේ ජීවිතයේ විවාදාත්මක සිදුවීම් කිහිපයක් සීමිත ලෙස පමණක් නිරූපණය කර ඇති බවයි. එහෙත් සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ගෙන් චිත්‍රපටයට ඉතා ඉහළ ප්‍රතිචාර හිමිව ඇති අතර, නැවත නැවතත් සිනමාහල් වෙත පැමිණ නැරඹූ පිරිසද සැලකිය යුතු ලෙස ඉහළ ය.

michael knews 1

අමෙරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ‘Michael’ චිත්‍රපටයේ අතිවිශාල වාණිජ සාර්ථකත්වය හේතුවෙන් මයිකල් ජැක්සන්ගේ ජීවිතයේ පසුකාලීන සිදුවීම් ආවරණය කරන තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම පිළිබඳව Lionsgate සමාගම සිය අවධානය යොමු කර ඇති බවයි.

සිනමා විචාරකයන් පෙන්වා දෙන්නේ, ‘Michael’ චිත්‍රපටයේ මෙම වාර්තාගත ජයග්‍රහණය හුදෙක් මයිකල් ජැක්සන්ගේ ජනප්‍රියත්වයේ ප්‍රතිඵලයක් පමණක් නොව, සංගීතමය ජීවනකථා චිත්‍රපට සඳහා ලෝක ප්‍රේක්ෂකයන් තුළ පවතින ඉහළ ඉල්ලුමද නැවත වරක් තහවුරු කරන අවස්ථාවක් බවය.

ඩොලර් බිලියනයේ සීමාවට ඉතා ආසන්නව සිටින ‘Michael’ චිත්‍රපටය ඉදිරි සති කිහිපය තුළ තවත් වාර්තා රැසක් අලුත් කරනු ඇතැයි සිනමා වෙළෙඳපොළ විශ්ලේෂකයන්ගේ අපේක්ෂාව වී තිබේ.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...