රජයට බදු නොගෙවූ අරක්කු සමාගම්වලට නඩු දානවා – නීතිපති

liquor companies tax arrears knews

මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් ගෙවිය යුතු හිඟ බදු මුදල් රුපියල් බිලියන 6කටවඩා වැඩි මුදල අයකර ගැනීම සඳහා දිසා අධිකරණයේ නඩු පවරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද(20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

රජයට අයවිය යුතු රුපියල් බිලියන 6කට අධික බදු මුදල් ප්‍රමානයක්, අරක්කු සමාගම් විසින් නොගෙවා සිටීමට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයින් 17 දෙනෙකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අද කැඳවූ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

2023 ජූනි 15 වන දින වනවිට මෙම බදු පැහැරහැරි සමාගම් විසින් ගෙවිය යුතු හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.221 දක්වා ඉහළ ගොස් ඇති බව පෙත්සම්කරුවන් මෙහිදී ප්‍රකාශ කර ඇති අතර මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, විගණකාධිපතිවරයා, ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් ඇන්ඩ් කෝ ලිමිටඩ්, වයඹ ඩිස්ටිලරීස් පෞද්ගලික සමාගම, ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් ලංකා පෞද්ගලික සමාගම, මැකලම් බෘවර් පෞද්ගලික සමාගම, කළුතර සමුපකාර ඩිස්ටිලරීස් සමිතිය, ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන් පෞද්ගලික සමාගම, සිනර්ජි ඩිස්ටිලරීස් පෞද්ගලික සමාගම, රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා පෞද්ගලික සමාගම, හිඟුරාණ ඩිස්ටිලරීස් පෞද්ගලික සමාගම, රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පෞද්ගලික සමාගම ඇතුළු කිහිප දෙනෙකු නම් කර තිබුණි.

මෙම පෙත්සම වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් 16 වැනිදා යළි කැඳවීමට නියමිතය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...