පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය නිල වශයෙන් බන්ධනාගාරයක් ලෙස රජය විසින් යළි නම් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මේ පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන තිබේ.
මෙම ගැසට් නිවේදනයත් සමඟ පැරණි බෝගම්බර පරිශ්‍රය බන්ධනාගාර ආඥා පනතට අනුකූලව නීත්‍යානුකූල බන්ධනාගාරයක් ලෙස මින් ඉදිරියට ක්‍රියාත්මක වේ.






