[gtranslate]

ලංකාව නැවතත් මැදි ආදායම් ලබන රටක්

world bank

ලෝක බැංකුවේ 2026-2027 නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් වරක් “ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක්” ලෙස ලැයිස්තුගත වීමට සමත්ව තිබෙනවා.

2019 වසරේදී ද ලංකාව මෙම මට්ටම අත්පත් කරගත්ත ද, පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතයෙන් පසු උද්ගත වූ අර්බුද හේතුවෙන් විදේශ ණය ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා විය.

ඉන් වසර තුනක් වැනි කෙටි කලක් ඇතුළත මෙවැනි සහතිකයක් හිමිකර ගැනීමට හැකිවීම විශේෂත්වයකි.

මෙම ආර්ථික පිබිදීමට මූලික වී ඇත්තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති වූ පුනර්ජීවනය මෙන්ම සංචාරක සහ මූල්‍ය සේවාවල කැපී පෙනෙන වර්ධනයයි. මේ හේතුවෙන් 2025 වසරේදී රටේ දළ දේශීය නිෂ්පාදිතය 5% කින් ඉහළ ගොස් තිබෙනවා.

IMF සහාය ඇතිව ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ, මූල්‍ය ඒකාබද්ධතා සහ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හරහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව ඇත්තේ එම නිසාවෙනි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මෙම සීමාව පසුකර ගියේ ඉතා අසීරුවෙන් බව ලෝක බැංකුව මතක් කර සිටිනවා. එමෙන්ම මෙම ආදායම් වර්ගීකරණය මඟින් ජනතාවගේ සැබෑ ජීවන තත්ත්වය හෝ දරිද්‍රතා මට්ටම සෘජුවම නිරූපණය නොවන බව ද ඔවුන් අවධාරණය කරනවා. 

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...