පිරිපහදු තෙල් කසකස්තානයෙන්..!

kazkhstan knews

ලංකාවේ පිරිපහදු කළ ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය දැක්වීමට කසකස්තානය කැමැත්ත පළ කර තිබේ.

වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ කසකස්තාන තානාපති සර්ජි වික්ටොරොව් මහතා අතර අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම, පිරිපහදු කළ ඉන්ධන ලබාගැනීම මෙන්ම සංචාරක සහයෝගීතාව නැංවීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බව අමාත්‍යාංශය පවසයි.

මෙරට කසකස්තාන තානාපති කාර්යාලය පිහිටුවීමෙන් පසු සෘජු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා පහසුකම් සැලසීම පිළිබඳව තානාපතිවරයා ශ්‍රී ලංකා රජයට ස්තූතිය පුද කරනු ලැබුවා. මේ අතර. කසකස්තානය සමඟ මෙන්ම මධ්‍යම ආසියානු කලාපයේ අනෙකුත් රටවල් සමඟ ද රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඉහළ නංවා ගැනීම පිණිස කසකස්තානයේ අස්තානා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට අදහස් කරන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...